ෆෙඩරල් කියන්නේ රට බෙදිමේ පැත්තට යැමක් - විජිත හේරත්
ද්‍රවිඩ ජාතික සන්ධානය ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය බව සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කිරීමෙන් මෙරට ජාතිවාදීන්ට වාසියක් අත්කර දී ඇතැයි ජනතා විමුක්...
https://www.sathhanda.com/2015/07/vijitha-herath.html
ඔවුන්ගේ ඒ ඉල්ලීම්වලට මැතිවරණ ප්‍රකාශයට අපි එකඟ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණ ෆෙඩරල් ක්‍රමයට විරුද්ධයි. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒත් ෆෙඩරල් ක්‍රමය, උතුරු නැෙ`ගනහිර යළි ඒකාබද්ධ කිරීම මේ සඳහා විසඳුමක් නොවේ. ඒකාබද්ධ කර තිබූ උතුරත් නැෙ`ගහිරත් අධිකරණය ඉදිරියට ගොස් වෙන් කළේ ජනතා විමුක්‌ති පෙරමුණ විසිනි. මේ පළාත් දෙක තිබිය යුත්තේ වෙන් වෙන්වයි.
ෆෙඩරල් කියන්නේ රට බෙදීමේ පැත්තට යැමක්. ද්‍රවිඩ ජාතික සන්ධානය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න මෙවැනි දේ ප්‍රකාශ කිරීම තුළින් සිදුවන්නේ යළි ජාතිවාදය ඇවිස්‌සීමයි. ජාතිවාදීන්ටයි මෙහි වාසිය යෑයි ද විජිත හේරත් මහතා 'දිවයින' ට ප්‍රකාශ කළේය.


Related