නේවාසිකාරයේ පහසුකම් සම්බන්ධ පැමිණිල්ලෙන් පසු ශ්‍රී ලාංකික සිසුවියක් අතුරුදන්

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් නේවාසිකාගාරයෙන් අතුරුදන් වී බව වාර්තා වේ. ...

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් නේවාසිකාගාරයෙන් අතුරුදන් වී බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කර්ණාටක ප්‍රාන්තයේ මූඩ්බිඩ්‍රි නගරයේ විද්‍යාලයක මෙම ශිෂ්‍යාව අධ්‍යාපනය හදාරමින් සිට ඇති බවයි.

නේවාසිකාගාරයේ සිටි 26 හැවිරිදි අදාළ ශිෂ්‍යාව පසුගිය 25 වන දින සිට අතුරුදන්ව ඇති බව එම නේවාසිකාගාරයේ කළමනාකාරීත්වය පොලීසියට දැනුම් දී ඇත.

ඇය එදින උදෑසන නේවාසිකාගාරයෙන් අධ්‍යයන කටයුතු සඳහා පිටව ගොස් ඇතත් විද්‍යාලයට පැමිණ නොමැති බව වාර්තා වේ.

අතුරුදන් වු ශිෂ්‍යාව ජුලි මස 17 වන දින නේවාසිකාරයේ පහසුකම් සම්බන්ධයෙන් විද්‍යාලයේ කළමනාකාරීත්වයට ද පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්ය.

මෙම ශ්‍රී ලාංකික ශිෂ්‍යාව අතුරුදන්වීම සම්බන්ධයෙන් මූඩ්බිඩ්‍රි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1527699536289448012

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item