[FULL VIDEO] අභිරහස් පුද්ගලයෙක් අකුරැස්සෙදී මහින්දගේ අතින් ඇද පහරදීමට යයි
ඊයේ (21) දින මාතර අකුරස්සෙදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී රැස්වීම වෙත ඔහු ජනතාව අතරින් ඉතා අමාරුවෙන් පැමිණෙන විට කිසියම් ...
https://www.sathhanda.com/2015/07/mahinda-akuressa.html
ඊයේ (21) දින මාතර අකුරස්සෙදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී රැස්වීම වෙත ඔහු ජනතාව අතරින් ඉතා අමාරුවෙන් පැමිණෙන විට කිසියම් පුද්ගලයකු යමක් කියමින් ඔහුගේ අතින් ඇද පහරදීමට තැත්කර තිබේ. එයට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා තම අතගසා දැමීමත් ඔහුගේ ආරක්ෂකයින්ගේ ක්ෂණික ප්‍රතිචාර හමුවේ මහින්ද රාජපක්ෂ මතද තල්ලුවී වැටෙන්නට ගොස් තිබේ. මෙහෙ එම අවස්ථාවේ සම්පුර්ණ වීඩියෝ ඇති අතර තම ආරක්ෂාව ඉතා දරුණු ලෙස අඩු වී ඇති මොහොතක කොයි මොහොතේ ඔහු කෙරේ ප්‍රහාරයක් එල්ල වේදැයි බියෙන් සිටින මොහොතකදී ඔහුගෙන් ඇති වුනු ක්ෂණික ප්‍රතිචාරය අලලා දේශපාලන වශයෙන් ඔහුට මඩ ව්‍යාපාරක්ද ආරම්බ කර ඇත.
මේ ගැන අප කල විමසීමකදී ආරක්ෂක නිලධාරියෙක් සඳහන් කලේ, ඔහුගේ ආරක්ෂක තත්වය සහ එයට අදාල පහසුකම් ඉතා අවම මට්ටමක පැවතීමක් හැම වෙලේම ඔහු ඔහුගේ ආරක්ෂාව ගැන ඉතා සොදිස්සියෙන් සිටීමත් හේතුවෙන් මෙවන් සිදුවීම් සිදුවීමට ඉඩ ඇති බවය. තව දුරටත් අදහස් දැක්වූ ඔහු, මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්ස රැස්වීමට පැමිණෙන පෙර ඔහු, LTTE සමයේ අකුරැස්ස මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බෝම්බ පිපිරීම මතක් කර පවසා ඇත්තේ අදවන විටත් LTTE ය සිටියා නම් තමන්ට මෙහෙම රැස්වීම් වලට යාමට හැකියාවක් නොලැබෙන බවය.


Related