වෛද්‍ය ශිෂ්‍යාවකගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට එක් කළ රජරට සරසවි සිසුවා රිමාන්ඩ්
වෛද්‍ය ශිෂ්‍යාවක හා පෙමින් වෙළී ඇගේ නිරුවත් ඡුායාරූප ගෙන එ්වා දැන්වීමක් ආකාරයෙන් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැරි බව කියන රජරට විශ්ව විද්...

https://www.sathhanda.com/2015/07/srilanka-rajarata-nude-picture-case.html
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිගම ප‍්‍රදේශයේ පදිංචි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ලේ පදිංචි පැමිණිලිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. වීරසිංහ මහතා වෙත පැමිණිලි කර තිබුනේ ඉකුත් ජුනි මස 10 වැනිදාය.
තමන් රජරට විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරන වෛද්‍ය ශිෂ්‍යාවක් බවත්, 2013 වසරේදී සැකකරු සමග පේ‍්‍රම සබඳතාවක් පවත්වාගෙන ගොස් පසුව නොගැළපීම මත එය නවතා දැමූ බවත් ඇය සිය පැමිණිල්ලේ සදහන් කර ඇත. එසේම, පසුව තමන් 2015 ජනවාරි මස 23 වැනිදා දෙමාපියන් විසින් ගෙනා යෝජිත විවාහයකින් විවාහ ගිවිස ගැනීමක් සිදුකළ බවද සඳහන් කර ඇත.
පැමිණිලිකාරිය රෝහල් පුහුණුව සඳහා අනුරාධපුර මහ රෝහල වෙත යන අවස්ථාවකදී සැකකරු පැමිණ ඇයව බලෙන් ති‍්‍රරෝද රථයක නංවාගෙන එම ප‍්‍රදේශයේම හෝටලයකට රැුගෙන ගොස් ඇයට පහර දී තර්ජනය කර ඇය නිරුවත් කොට ඡුායාරූප ලබාගෙන අති බවත් පසුව, ඇය හා ලිංගිකව හැසිරී ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
පසුව ඉකුත් අපේ‍්‍රල් මාසයේ 28 වැනිදා සැකකරු විසින් පැමිණිලිකාරියගේ අදාළ නිරුවත් ඡුායාරූප දැන්වීමක ආකාරයෙන් සකසා ඔහුගේ ෆේස් බුක් ගිණුම ආධාරයෙන් ප‍්‍රචාරය කර ඇතැයි අධිකරණයේදී කරුණු අනාවරණය විය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා සැකකරු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය. රහස් පොලිසිය වෙනුවෙන් උ.පො.ප. දයානන්ද සහ පො.කො. අසංක ශී‍්‍රලාල් යන නිලධාරීහු අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.
නිමන්ති රණසිංහ
Related