ජෝන්ගේ කැඳවීම මත අදහස් දැක්‌වීමට සිරිකොතට ගියේ නොදැනුවත්කමින් - නිලංග සමරසිංහ බබා වෙයි
නීතිය හා සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතාගේ කැඳවීමකට අනුව තමා නොදැනුවත්කමින් එජාප සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට අදහස් දැක්‌වීමට ගියායෑයි අන...

https://www.sathhanda.com/2015/07/nilanga-samaraasingha.html
එම අත්වැරැද්ද නිවැරදි කිරීමට තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නීතිඥ සංගමය කළ ඉල්ලීමට කැමැත්ත ප්‍රකාශ කළ බවත් ඒ සඳහා ඩාලිපාරේ පිහිටි පක්‍ෂ මූලස්‌ථානයට යැමට කැඳවීමක් ලැබෙන තෙක් බලාසිටින බවත් හෙතෙම කීය. වැඩිදුරටත් අදහස් දක්‌වමින් ඒ මහතා මෙසේද කීය.
නීතිය හා සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා මාගෙන් මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්‌වූවන් පිළිබඳව වාර්තාවක් තිබෙනවා නම් විඡේරාම පාරේ ස්‌ථානයකට ගෙනත් දෙන ලෙස ඉල්ලීමක් කළා.
ඒ අනුව මා එය රැගෙන යමින් සිටියදී විඡේරාමයට නොව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට රැගෙන එන ලෙස දැනුම් දුන්නා. ඒ අනුවයි මම සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට ගියේ. එහිදී ඇමැතිවරයා මා අමතා ඔබතුමාට තමයි මේ ගැන හොඳට කථා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මාධ්‍යයට අදහස් දක්‌වන ලෙස මාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මා අදහස් දැක්‌වීම සිදුකළත් එය කිසිම පක්‍ෂයකට වාසි ගැනීමට සිදුකළ ප්‍රකාශයක් නොවේ.
මට ඇති තර්ජන පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා මා සමඟ සාකච්ඡා කර මට ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කරන බව කියා සිටියා. මට ආරක්‍ෂාව ලබාදීමට නීතිය හා සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා කැමැත්ත ප්‍රකාශ කළත් එය ක්‍රියාත්මක කිරීමට එම අමාත්‍යංශයේ ලේකම්වරයා දක්‌වන ක්‍රියාකලාපය ගැන මට සතුටු වෙන්න බැහැ.
Related