වත්තල ඝාතනය එජාප පාතාලයේ වැඩක් බව හෙළි වෙයි [VIDEO]

ඊයේ (05) පෙරවරුවේ වත්තල ප්‍රදේශයේ දී සිව් දෙනෙකු විසින් කපා කොටා ඝාතනය කරනු ලැබූ කුකුළු මස් ව්‍යාපාරිකයාගේ ඝාතනයට හේතුව සහ එය සිදු කරනු ල...

ඊයේ (05) පෙරවරුවේ වත්තල ප්‍රදේශයේ දී සිව් දෙනෙකු විසින් කපා කොටා ඝාතනය කරනු ලැබූ කුකුළු මස් ව්‍යාපාරිකයාගේ ඝාතනයට හේතුව සහ එය සිදු කරනු ලැබූ පාර්ශවය පිළිබදව කරුණු අනාවරණය වෙමින් පවතිනවා 

මොහොමඩ් අබීෂා නමැති 46 හැවිරිදි සිව් දරු පියෙකු වන මියගිය තැනැත්තා වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි මියගිය පුද්ගලයා අද උදෑසන සිය 16 හැවිරිදි පුත්‍රයෙකු සමඟ ත්‍රි රෝද රියකින් ගමන්ගන්නා අතරතුර දී එය හඹා ආ පුද්ගලයින් සිව්දෙනෙකු කඩු සහ පිහි යොදාගෙන මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.

මේ අතර මියගිය පුද්ගලයා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවෙකු බවත්, ඔහුගේ ඝාතනයට හේතුව මෙවර මැතිවරණයේ දී සන්ධානයට පක්ෂපාතීව කටයුතු කිරීම බවත් එනිසා කුපිත වූ වත්තල ප්‍රදේශයේ ප්‍රබල එජාප ඇමති කෙනෙකුගේ පාතාලය විසින් මෙය සිදු කර ඇති බවත් අපට වාර්තා වෙනවා.

මෙම සිදුවීමට අදාලව අදහස් පළ කළ මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කලේ මෙයට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය. 

මෙම සිදුවීමට අදාල වීඩියෝව පහතින් නරඹන්න.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7924816701812691142

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item