මැතිවරණයට සතියක්‌ තියා තජුඩීන්ගේ සිරුර ගොඩගත්තේ දේශපාලන පක්‍ෂ පිනවීමටද? - මුස්‌ලිම් හඬ සංවිධානය

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මාස හයක්‌ යනතෙක්‌ කථා නොකළ පොලිසිය මහ මැතිවරණයට සතියක්‌ තියා එම සිරුර ගොඩගත්තේ බංකොළොත් දේශපා...

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මාස හයක්‌ යනතෙක්‌ කථා නොකළ පොලිසිය මහ මැතිවරණයට සතියක්‌ තියා එම සිරුර ගොඩගත්තේ බංකොළොත් දේශපාලන පක්‍ෂ පිනවීමටදැයි සැකයක්‌ මතුවන බව මුස්‌ලිම් හඬ සංවිධානයේ සභාපති නීතිඥ එන්. එම්. සහීර් මහතා ප්‍රශ්න කර සිටියේය.

රගර් ක්‍රීඩක ඝාතනයට ලක්‌ව තාජුඩීන් මහතා සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක්‌ ඇතිවී තිබෙන බවත්, ඉන් තාජුඩීන් මහතාගේ පවුලට මහත් අසාධාරණයක්‌ සිදුවී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (10 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මීට වසර ගණනාවකට පෙර මහත් ආන්දෝලනයක්‌ ඇති කරමින් හෙළිකොප්ටර් අනතුරකින් මියගිය අෂ්රොප් මහතාගේ මිය යැම සම්බන්ධයෙන් එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොමිසමක්‌ අභියාචනා විනිසුරු වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ බවත් එහි පරීක්‍ෂණ සඳහා තමාද මැදිහත් වී මාස හයක විමර්ශන වාර්තාව ජනාධිපතිනියට බාර දුන්නත් එම වාර්තාව අද වන තෙක්‌ රටට හෙළිකර නැතැයිද ඒ මහතා කීය.

හිටපු ජනාධිපතිනිය එම වාර්තාව හංගා ගැනීම මගින් අෂ්රොප් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක්‌ රටට හෙළිකිරීම වෙනුවට අෂ්රොප් මහතාගේ බිරිඳට වන්දි මුදලක්‌ පමණක්‌ ලබාදීමට කටයුතු කළ බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

තාජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් උද්ඝෝෂණ කර රටපුරා පෝස්‌ටර් අලවා බංකොළොත් දේශපාලන පක්‍ෂ දේශපාලන වාසි ගැනීම හෙළා දකින බව ද ඔහු කීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් බලධාරීන් කළ යුත්තේ ඝාතනයට ලක්‌ව තාජුඩීන්ගේ ඡායාරූප රට පුරා ප්‍රදර්ශනය කිරීම නොව ඝාතකයන් අල්ලාගෙන ඔවුන්ගේ ඡායාරූප රටපුරා ප්‍රදර්ශනය කිරීම යෑයි ද හෙතෙම පැවැසීය.

මේ වනවිට එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වී සිටින මුස්‌ලිම් ජාතියට එරෙහිව කටයුතු කළ පිරිස්‌වලට එරෙහිව මුස්‌ලිම් ජනතාව කටයුතු කරන බව දන්නා පිරිස්‌ මුස්‌ලිම් ජනතාව දිනාගැනීම සඳහා තාජුඩීන්ගේ සිරුර හරහා බලයට ඒමට උත්සාහ දරන බවත් ඒ බව මුස්‌ලිම් ජනතාව අවධියෙන් සිට කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති නිසා අවබෝධයෙන් කටයුතු කරන ලෙසද ඔහු මුස්‌ලිම් ජාතියෙන් ඉල්ලා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2595974263253941281

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item