මම කටකතා වලට බය නෑ - අමාවී
* කොහොමද අමා ඔයාගේ ජීවිතයේ හීන මේ වන විට ඉටුවෙලාද? තවම නෑ. මේ දවස්වල ඒ දේවල් සඵල කර ගනිමින් සිටිනවා. * අමාවී කියන්නේ ඇත්තට...

https://www.sathhanda.com/2015/08/amavi-dhanansuriya.html
* කොහොමද අමා ඔයාගේ ජීවිතයේ හීන මේ වන විට ඉටුවෙලාද?
තවම නෑ. මේ දවස්වල ඒ දේවල් සඵල කර ගනිමින් සිටිනවා.
* අමාවී කියන්නේ ඇත්තටම කවුද?
ඇත්තටම මම හරිම සරල කෙනෙක්, පොලොවේ පය ගහලා ජීවත්වන කෙනෙක් තමයි මම.
*අමාවී මේ ගමන ආරම්භ කළේ කොහෙන්ද?
මම මුලින්ම ගමන ආරම්භ කළේ මගේ පාසල් වේදිකාවෙන්. මම මුලින්ම ක්ෂේත්‍රයට අවේ ඌව ප්‍රජා ගුවන් විදුලිය හරහා. ළමා හඬ කැවීම් ශිල්පිණියක් විදියට. ඒ හරහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පැමිණෙන්න අවස්ථාව ලැබුණා.
* ඉදිරියේදී තවත් මොනවද අපට ඔබගෙන් දැකගන්න ලැබෙන්නේ? සිනමාවට පිවිසෙන්න අදහසක් නැද්ද?
මම සිනමාවට පිවසුනා "සිරි පැරකුම්" චිත්‍රපටිය හරහා. තව සුමිත්‍රා රාහුබද්ද මහත්මියගේ "කන්දක් සේ ආදරේ" චිත්‍රපටියටත් ආරාධනා ලැබුණා. ඊට පස්සේ "රෝද තුනේ මනමාලය" චිත්‍රපටිය රඟපාන්න අවස්ථාවක් ලැබුණා. තව චිත්‍රපටි දෙකකට ඇරයුම් ලැබිලා තියෙනවා මට. මේ වන විට ටෙලි නාට්‍යය හතරක් ප්‍රචාරය වෙමින් තියෙනවා.
* ක්ෂේත්‍රයේ අමතක නොවන සිදුවීම් ඇති?
ක්ෂේත්‍රයට පැමිණි මුල කාලයේ මට හම්බවුණ ජයලාල් රෝහණ මහතා, එතුමා කියන්නේ ජංගම පුස්තකාලයක්. එයාගෙන් දැනුම ලබාගන්නවා කියන්නේ ඇත්තටම මා ලැබූ භාග්‍යයක්. එතුමාගේ බැණුම් නිසා තමයි මම අද මෙතන ඉන්නේ. දෙරණ ඔස්සේ යන මෙහෙමත් සමයං ටෙලි නාට්‍යය නිසා පොඩි ළමයි මට සමයං අක්කා කියලත් කියනවා.
* දැන් මොකක්ද මේ ඌවත් එක්ක තියෙන සම්බන්ධතාවය?
මගේ ගම බදුල්ල. මුලින්ම ගියේ මම බදුල්ලේ මගේ ගමේ පාසලටයි. ඊට පස්සේ බදුල්ල විශාඛා විද්‍යාලයට ගියා. ඊට පස්සේ ශිෂ්‍යත්වය පාස්වෙලා නුවර මහමායා විද්‍යාලයට ඇතුළත් වෙනවා.එහෙම පාසල් කිහිපයකටම ගියා.
* ප්‍රසිද්ධ වෙන්න වෙන්න කටකතා හැදෙනවා වැඩියි. අමාවී මොකද හිතන්නේ කටකතා ගැන?
කටකතා කියන දේවල් ඕන කෙනෙකුට හැදෙනවා. ඵල ඇති රැකට ගල් ගහනවා කියලත් කියනවානේ. හොඳයි කටකතා එන්න ඕන එතකොට තමයි අපිත් ශක්තිමත් වෙන්නේ. මම කටකතාවලට බය නෑ.
* ඇත්තටම දැන් ක්ෂේත්‍රයේ කෙනෙකු එක්ක සම්බන්ධයක් තියෙනවානේ? කොහොමද කේන්දර එහෙම බලලද තියෙන්නේ?
අනේ නෑ. එතනදී කේන්දර කියන දේවල් බැලුවේ නෑ. මොකද ආදරයනේ කළේ අපි. ඉතින් කේන්දර ගැලපෙන්නේ නෑ කියලා කිව්වොත් දාලා යන්නද? බැහැනේ.
* කොහොමද ඔබගේ රංගන කටයුතු වලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය?
මගේ අමමයි තාත්තයි තමයි ගොඩක් උදව් කරන්නේ. ඊටත් වඩා මගේ ලොකු අම්මා තමයි මට පොඩි කාලයේ සිට ලොකු අම්මාගේ කැපවීමක් තිබුණා මා වෙනුවෙන්. මට සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. අයියලා දෙදෙනෙකු එක්ක මල්ලි කෙනෙක් ඉන්නවා. එයාලාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා කලා කටයුතු වලට. නමුත් මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ.
Related