මම ආයෙමත් රඟපාන්න සූදානම් - අශිකා
අශිකා දැන් දරුවෝ තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්නේ. කොහොමද පුංචි පැටව් එක්ක ගෙවෙන ජීවිතේ? හරිම සුන්දරයි. මේ අයත් එක්ක ජීවත් වෙද්දී වෙනම ල...
https://www.sathhanda.com/2015/08/ashika.html
අශිකා දැන් දරුවෝ තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්නේ. කොහොමද පුංචි පැටව් එක්ක ගෙවෙන ජීවිතේ?
හරිම සුන්දරයි. මේ අයත් එක්ක ජීවත් වෙද්දී වෙනම ලෝකයක ජීවත් වෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ. එයාලා කරන කියන දේවල් අහද්දී දකිද්දිත් ආස හිතෙනවා. ඒ නිසා පුදුමාකාර සතුටකින් ජීවත් වෙන්නේ.
අශිකාගේ උපන්දිනයට දුවගෙන් තෑග්ගක් ලැබුණා කියලා ආරංචියි?
ඔව්නේ. ඒ තෑග්ග මට ගොඩක් වටිනවා. දුවට තාම අවුරුදු පහයි. එයා රෑ තිස්සේ චිත්‍ර ඇඳලා ලස්සන ඕඪපබඩඤචර ඛ්චපඤ එකක් හදලා මට දුන්නා. ඒක දකිද්දී මට ගොඩක් ආස හිතුණා.
දරුවෝ තුන් දෙනෙක්ගේ රාජකාරි කරන එක ලෙහෙසි පහසු නෑ නේද?
ඒක මට ඒ තරම් ලොකු අපහසුවක් විදියට දැනෙන්නේ නැහැ. දරුවෝ තුන් දෙනාගේ වැඩ මමම කරන්න තමයි කැමැති. මොකද මගේ අම්මට මාව බලාගන්න පුළුවන් වුණා නම් නිළියක් වුණත් ඇයි මටම බැරි මගේ දරුවෝ බලාගන්න. ඒ නිසා මම උයන පිහන අස්කරන වැඩත් කරගෙන දරුවෝ තුන් දෙනාගේ සැමියගේ වැඩත් කරන්නේ හරිම සතුටෙන්.
ඔය වැඩ රාජකාරිවලට සැමියාගෙන් සහයක් ලැබෙනවද?
අම්මෝ... ඔව්. එයා තමයි මගේ ශක්තිය. එයා හැම වැඩකදීම හොඳ සහයෝගයක් දෙනවා. ඒ නිසා තමයි මට මේ හැමදෙයක්ම එච්චර බරක් විදියට දැනෙන්නේ නැත්තේ.
දරුවෝ ලැබුණම රූප සොබාව වෙනස් වෙනවලු. අශිකාගේ නම් ලොකු වෙනසක් වෙලා නෑ නේද? මොකක්ද රහස? මම හිටියට වඩා චුට්ටක් විතර මහත් වෙලා. ඒත් ලොකු වෙනසක් නම් වෙලා නැහැ. මම හිතන්නේ දරුවොත් එක්ක සතුටින් ඉන්න එක තමයි රහස.
අලුත් අමුත්තා එකතු වෙලා වැඩි කාලයක් ගියේ නැහැ. හැබැයි අශිකා පසුගිය දවස්වල රංගන කටයුතුවලටත් සහභාගි වුණා නේද?
පුතාට තාම මාස හතරයි. පුතා ලැබෙන්න කලින් කරපු නාට්‍යයක ඉතිරි කොටස රූගත කරන්න තිබ්බා. ඒ නිසා පුතාවත් අරගෙන ෂූටින් ගියා.
මාස පහක් විතර රංගනයෙන් අෑත් වෙලා හිටියනේ. ආයෙම කවද්ද වැඩ පටන් ගන්නේ?
ලබන අවුරුද්දේ විතර ආයෙම වැඩ පටන් ගන්න ඕන. මොකද අපි අපේ ආර්ථිකයත් හදා ගන්න ඕනෙනේ.
රංගන කටයුතු නිසා දරුවෝ තුන්දෙනාගේ වගකීම් මඟ හැරෙන එකක් නැද්ද?
එහෙම වෙන්නේ නැහැ. මම මේ වෙනකල් එයාලා වෙනුවෙන් කරන්න ඕන වගකීම් මඟ හැරලා නැහැ. වෙන රැකියා කරන, දරුවෝ ඉන්න අම්මලා ඒ වැඩ රාජකාරි කර ගන්නවා වගේ මටත් දරුවන්ගේ වගකීම් ඉෂ්ට කරන ගමන් රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන්. මට ඒ හැමදේම කරන්න ශක්තිය තියෙනවා.
අශිකා ආයෙම රංගන කටයුතු පටන් ගන්නවට සැමියා කැමැතිද?
එයා මාව තේරුම් අරගෙන ඉන්නේ. මම රංගනයට කැමැතියි කියලා එයා දන්නවා. එයා මගේ ආසාවට තහංචි දාන්නේ නැහැ. මට රඟපාන්න කියලා එයා කියනවා. එයා අකැමැති නම් මම රඟපාන්නේ නැහැ.
ඒ කියන්නේ සැමියා අකැමැති නම් අශිකාගේ කැමැත්ත කැප කරන්න සූදානම්?
ඔව්. එයා කැමැති නිසා තමයි මම රංගනයට සම්බන්ධ වෙන්නේ. එයාට මං වෙනුවෙන් කැප කිරීම් කරන්න පුළුවන් නම් ඇයි මට කැපකිරීම් කරන්න බැරි.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ගොඩක් අය ඛ්චතත කරලා රඟපානවද කියලා අහනවා. මාව හඳුනන අය නිර්මාණවලට මාව ගන්න තිබ්බා නම් හොඳයි කියලා තියෙනවා. රංගනයෙන් ටික කාලයකට අෑත් වුණාට මාව අමතක වෙලා නැහැ.
ඒ කියන්නේ අමතක නොවෙන විදියට අශිකා රංගන ක්ෂේත්‍රයේ හොඳ සලකුණක් තියලා තියෙන පාටයි?
මම රඟපාලා තියෙන්නේ නිර්මාණ කිහිපයක විතරයි. හැබැයි මට එකිනෙකට වෙනස් චරිත කරන්න ලැබුණා. ඒ නිසා මම මගේ අරමුණ කවර් කළා. ඒ විදියට යමක් කරන්න පුළුවන් වෙනස් වෙනස් චරිත කරන්න මම කැමැතියි.
දැන්මම රඟපාන්නේ නැත්තේ අනුරාධපුරේ ඉඳන් ෂූටින් එන්න බැරි නිසාද නැතිනම් චූටි පුතා දාලා එන්න බැරි නිසාද?
අනුරාධපුරයේ ඉඳන් ෂූටින් එන්න අමාරුයි. හැබැයි මම අනුරාධපුරේ ඉඳන් කොළඹ ඇවිත් නිර්මාණ කිහිපයක්ම කළා. පුතාට අවුරුද්දක් විතර වෙනකල් තමයි රංගනයෙන් අෑත් වෙලා ඉන්නේ.
හැමදාම අනුරාධපුරයට වෙලා ඉන්නද කල්පනාව?
නැහැ. මගේ සැමියා ගුවන් හමුදාවේ වැඩ කරන නිසා එයාගේ රාජකාරිවලට තමයි අනුරාධපුරයට ආවේ. රඟපාන්න ආසාව තිබ්බට මම දරුවෝ ගැනත් හිතන්න ඕනනේ. මොකද එයාලට එයාලගේ තාත්තත් එක්කත් ඉන්න ඕනේ. දැන් අපි හැමෝම අනුරාධපුරයේ හිටියට ලබන අවුරුද්දෙදි විතර දුවව ඉස්කෝලේ දාන්නත් එක්ක කොළඹ එන්න හිතාගෙන ඉන්නේ.
මොනවද අශිකාගේ ඉදිරි බලාපොරොත්තු කියලත් කියමුද?
මගේ දරුවෝ තුන්දෙනා හොඳ පුරවැසියෝ විදියට හදන්න වගේම අපිටම කියලා ගෙයක් හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ


Related