ලංගම සේවකයන්ට ලබන මාසේ පඩි නෑ ලු
ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට ලබන 8 වෙනිදා හිමි වීමට නියමිත මාසික වැටුප නොලැබීමේ අවදානමක් ඇතැයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පවස...
https://www.sathhanda.com/2015/08/ctb-sri-lanka.html
එහි ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කරන්නේ ලංගම සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් මුදල් ලබාගත යුතු බවයි. දැනට විෂය භාර අමාත්‍යවරයෙකු නොමැති බැවින් නියමිත දිනට වැටුප් ලබාගැනීමට නොහැකි වනු ඇති බවයි සේපාල ලියනගේ මහතා පෙන්වා දෙන්නේ.
ලංගම සේවකයින්ට නියමිත දිනට වැටුප් ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කරනවා.


Related