යුද අපරාධ වාර්තාව ලෑස්‌තියි - එරික් සෝල්හයිම් කියයි
සැමදා අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු වලට ඇගිලි ගසන එරික් සෝල්හයිම් නැවතත් තම හඬ අවදි කරමින්, ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂ...
https://www.sathhanda.com/2015/08/eric-solheim.html
සැමදා අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු වලට ඇගිලි ගසන එරික් සෝල්හයිම් නැවතත් තම හඬ අවදි කරමින්, ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව ඉතා කඩිනමින් ඉදිරිපත් කෙරෙන බවත් එම වාර්තාවෙන් එල්ල කෙරෙන චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතු බවත් හිටපු නෝර්වේ ඇමැති එරික් සෝල්හයිම් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ ප්‍රතිඵල ගැන කරුණු දක්‌වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
පසුගිය රජය සිංහලයන් අතර දියත් කළ ජාතිකත්වය නව රජයේ ප්‍රතිසංස්‌කරණවලට බරපතළ තර්ජනයක් බවත් පවසා ඇති සෝල්හයිම් රට තුළ සංහිඳියාව ඇති කිරීමට නම් යුද අපරාධ චෝදනාවලට වගකිවයුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය විසඳිය යුතු යෑයි කියා සිටී.
ශ්‍රී ලංකා රජයට ව්‍යවස්‌ථාදායක ප්‍රතිසංස්‌කරණ ඇති කිරීමට කාලය පැමිණ ඇතැයි ද සෝල්හයිම් ප්‍රකාශ කර ඇත.


Related