හෙට(23) පොඩ්ඩොන්ගේ විභාගය - 340926 ක්‌ හෙට ශිෂ්‍යත්වයට

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (23 දා) දිවයින පුරා විභාග මධ්‍යස්‌ථාන 2907 කදී පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබ...

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (23 දා) දිවයින පුරා විභාග මධ්‍යස්‌ථාන 2907 කදී පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. මෙවර විභාගය සඳහා සිසු දරුවන් 340,926 දෙනකු පෙනී සිටින අතර විභාගය පරිපාලනය සඳහා 26,000 ක කාර්ය මණ්‌ඩලයක්‌ යොදවා ඇත. විභාග මධ්‍යස්‌ථාන සහ සම්බන්ධීකරණ මධ්‍යස්‌ථාන අධීක්‍ෂණය සඳහා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් හා පළාත් නිලධාරීන් 530 ක්‌ යොදවා ඇති බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පවසයි. විභාගයට පෙනී සිටින සිසු දරුවන් සඳහා පහත උපදෙස්‌ විභාග දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රශ්න පත්‍රය සඳහා තිබෙන කාලය පිළිබඳ අවබෝධයක්‌ තිබිය යුතුය.

Ö I පත්‍රය පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.15 දක්‌වා විනාඩි 45 ක කාලයක්‌ පැවැත්වේ.

Ö II පත්‍රය පෙ.ව. 10.45 සිට මධ්‍යහ්න 12.00 දක්‌වා පැය 01 කුත් විනාඩි 15 ක කාලයක්‌ පැවැත්වේ.

පෙ.ව. 09.00 වන විට විභාග අපේක්‌ෂකයන් ශාලාවල අසුන් ගත යුතු බවට ශාලාධිපතිවරුන්ට උපදෙස්‌ ලබා දී ඇති බැවින් කල්වේලා ඇතුව විභාග මධ්‍යස්‌ථානයට පැමිණිය යුතුය.

විභාග අපේක්‌ෂකයන් තමාට අදාළ විභාග අංකය ඇඳුමේ වම්පස පැළඳ සිටිය යුතුය.

පිළිතුරු සැපයීමේදී පැන්සල හෝ පෑන භාවිත කළ හැක.

විභාග අංකය නිවැරැදිව ලියන්න. සෑම ප්‍රශ්න පත්‍රයකම විභාග අංකය ලිවීම සඳහා 01 සහ 03 පිටුවල ඉඩ තබා ඇත.

පිළිතුරු සැපයීමේදී ලබාදී ඇති උපදෙස්‌ පිළිපදින්න.

කටු වැඩ කොළ ලබා දේ.

ප්‍රශ්න පත්‍රය අතට ගත් පසු කලබල නොවන්න. හොඳින් කියවා බලා පිළිතුරු සපයන්න.

දෙමව්පියන් සඳහා ලබාදී ඇති උපදෙස්‌ මෙසේය.

කල්වේලා ඇතිව දරුවන් පාසල වෙත රැගෙන ආ යුතුය.

දෙමව්පියන් විභාග මධ්‍යස්‌ථාන භූමියට ඇතුල් නොවිය යුතුය.

විවේක කාලයේදී ද දෙමව්පියන්ට විභාග මධ්‍යස්‌ථාන භූමියට ඇතුල්වීමට ඉඩ ලබා දෙනු නොලැබේ.

දරුවාට කෙටි ආහාරයක්‌ සහ වතුර බෝතලයක්‌ රැගෙන යැමට ලබාදෙන්න.

මෙම විභාගය සම්බන්ධයෙන් විමසීම් කිරීම සහ පැමිණිලි කිරීම සඳහා පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමට කටයුතු කළ හැකි වේ. විභාග දෙපාර්තමේන්තු ක්‍ෂණික ඇමතුම් අංකය - 1911 (පැය 24 පුරා) විභාග දෙපාර්තමේන්තුවේ අනෙකුත් දුරකථන අංක 0112784208, 0112784537, 0113188350/0113140314, පොලිස්‌ මූලස්‌ථානය - 0112421111, පොලිස්‌ හදිසි ඇමතුම් අංකය - 119

-දිවයින 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3721806148806600550

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item