හතර වටින් පාතාලය හිස ඔසවයි - හයදෙනෙක් ඇවිත් සැමියා මරා දාලා - බිරිඳට බරපතල තුවාල
ගාල්ල - පිටිගල - අඹගහවෙල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදීමෙන්, ස්වාමි පුරුෂයා ජීවිතක්ෂයට පත්වී බිරිඳ බරපතල...
https://www.sathhanda.com/2015/08/galle-pitigala-ambagahawela-killing.html
ගාල්ල - පිටිගල - අඹගහවෙල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදීමෙන්, ස්වාමි පුරුෂයා ජීවිතක්ෂයට පත්වී බිරිඳ බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ (01) රාත්‍රියේ ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙක්.
ඝාතනයට පුද්ගලයන් 6 දෙනෙකු පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.


Related