ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් විශිෂ්ටයා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් හිමිවී ඇත්තේ එය ලෝක පූජිත පිතිකරු කුම...


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් හිමිවී ඇත්තේ එය ලෝක පූජිත පිතිකරු කුමාර් සංගක්කාරගේ අවසන් ටෙස්ට් තරගාවලිය වන බැවිනි. වසර 15ක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් පෑ කුමාර් චොක්ෂනාද සංගක්කාර ඉන්දීය තරගමාලාවට පෙර ටෙස්ට් තරග 132කට සහභාගි වී ලකුණු 12305ක් රැස් කොට තිබෙන අතර ඊට ශතක 38ක් සහ අර්ධ ශතක 52ක් ඇතුළත් විය.

ලෝක ක්‍රිකට් බිමේ වාර්තා රැසකට හිමිකම් කියන 37 හැවිරිදි සංගක්කාර එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා බව හිටපු නායක මහේල ජයවර්ධන කියයි. සංගක්කාරගේ ක්‍රිකට් දිවියේ මෙන්ම පෞද්ගලික ජීවිතයේදිත් සමීපතම මිතුරා වන මහේල මේ බව කීවේ සිය සගයා ක්‍රිකට් පිටියේ හංස ගීතය ගැයීමට ඔන්න මෙන්න කියා තිබියදීය.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට විස්සයි20 ජගත් ක්‍රිකට් කිරුළ දිනාදෙමින් විස්සයි20 තරගබිමෙන් සමුගත් සංගක්කාර එක්දින පිටියට සමුදුන්නේ පසුගිය ලෝක කුසලාන තරගමාලාවෙන් පසුවය. මේ අසහාය පිතිකරු ලබන 20 වැනිදා පී.සරවනමුත්තු ඕවල් පිටියේ දී ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව අපට නැවතත් ක්‍රිකට් පිටියේ දී දකින්නට ලැබෙන්නේ නැත.

“කුමාර් සංගක්කාර තමයි එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු හොඳම පිතිකරුවා. හැබැයි නිරන්තරයෙන්ම බොහෝ ශ්‍රී ලාංකිකයන් අතර (මමත් ඇතුළුව) පිළිගැනීමට ලක්වී ඇති ක්‍රීඩකයා වන්නේ අරවින්ද ද සිල්වායි. ඒත් කුමාර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලබා ඇති වාර්තා දෙස බැලුවම ඔහු තමයි ඉදිරියෙන් ඉන්නේ. ජාත්‍යන්තර ශතක 60කට වැඩි ගණනක් ඔහු රැස් කොට තිබෙනවා.‘ මහේල එසේ කියයි.

සංගක්කාර මෙන්ම ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 25.000කට අධික ප්‍රමාණයක් රැස් කොට තිබේ. පසුගිය වසරේ පාකිස්තානය සමග එස්.එස්.සී.පිටියේ පැවැති ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගත් මහේල ටෙස්ට් තරග 149ක දී ලකුණු 11814ක් රැස් කළේ ශතක 34ක් සහ අර්ධ ශතක 50ක් සමගිනි. මේ විශිෂ්ට පිතිකරු ජාත්‍යන්තර එක්දින තරග 448කදී ලකුණු 12650ක් රැස් කිරිමට ද සමත්විය.

“කුමාර්ගේ විශිෂ්ටත්වය වන්නේ ඕනෑම වර්ගයක තණතීරුවක ඕනෑම අභියෝගයකට මුහුණදෙමින් ලකුණු රැස් කිරිමට ඇති හැකියාවයි. ඔහුව සිරකොට තබාගැනීම ප්‍රතිවාදීන්ට කොහෙත්ම අසීරු දෙයක්. කුමාර් කියන්නේ අපේ ඊළඟ ක්‍රිකට් පරම්පරාවට කදිම ආදර්ශයක්.“ මහේල කියයි.

“ඕනෑම ජාත්‍යන්තර ක්‍රීඩාවක සෑම ආකාරයකින්ම පිටියේ දි හෝ ඉන් පිටතදී ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැක්කේ අතලොස්සකට පමණයි. කුමාර් එවැනි ක්‍රීඩකයෙක්. ඔහුගේ අඩුව පුරවන්න කාලයක් ගතවේවි. ඔහු වැනි ක්‍රීඩකයකු ලැබීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ සම්පතක්. කුමාර් වැනි ශූර ක්‍රීඩකයෙක් එක්ක එකට ක්‍රීඩා කිරීමට ලැබීම මගේ වාසනාවක්.“ මහේල එසේ කියයි.

ක්‍රිකට් පිටියේ මේ අසමසම මිතුරන් එක්ව ආරම්භ කළ ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස්‘ මුහුද ආශ්‍රිත ආහාරපාන ඇතුළත් අවන්හලේ ආහාර වේලක රස බැලීමට ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදෙස් ක්‍රීඩකයන් අමතක කරන්නේ නැත. එය මේ දෙදෙනාගේ මිතුදමේ එක්තරා සංධිස්ථානයකි.

ක්‍රිකට් පිටියේ දී ඇති තරම් සම්බන්ධතා ගොඩ නැගූ මහේල - සංගා යුගලය දැන් ක්‍රිකට් ඉතිහාසයට එක්වී හමාරය. දශකයකටත් වැඩි කාලයක් පුරා දෙදෙනා එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළින් ඔසවා තැබූහ. පිටියේ මැද දී ඕනෑතරම් එකිනෙකාගේ අත්වැසුම් එකට හප්පා ගන්නට ඇත. ඒ අතරේ වාර්තාපොතේ එකිනෙකට වෙනස් පරිච්ඡේද දෙකක් ලියා තැබීමට ද සමත්වූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 7219806991978497891

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item