ලංකාව කොයිබටද? - තම දරුවන් මරණ අම්මලා

දිනෙන් දින ශ්‍රී ලංකාවේ අසන්නට ලැබෙන මිනීමැරුම්, දුෂණ, අපචාර, හොරකම් අතර තම දරුවන් මරණ අම්මලා ගැනත් අසන්නට ලබෙයි. තෙවන ලෝකයේ රටවල් වලට ...

දිනෙන් දින ශ්‍රී ලංකාවේ අසන්නට ලැබෙන මිනීමැරුම්, දුෂණ, අපචාර, හොරකම් අතර තම දරුවන් මරණ අම්මලා ගැනත් අසන්නට ලබෙයි. තෙවන ලෝකයේ රටවල් වලට අවේනික මෙවන් ලක්ෂණ නැතිකිරීමට රජයේ සාක්ෂරතාව මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයකින් නම් කවදාවත් විසදිය නොහැක. 

අදාළ සිදුවීම මෙසේය, රත්නපුර හා බදුල්ල දිස්ත‍්‍රක් මායිමට අයත් බළන්ගොඩ පොලිස් බලප‍්‍රදේශයත් හපුතලේ පොලිස් බලප‍්‍රදේශයත් වෙන්වන සීමාෙවි පිහිටි හල්පේ මරන්ගහවෙල ප‍්‍රදේශයේ කුඹුරකින් බිළිඳියකගේ මළසිරුරක් හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳියගේ මව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබේ.
බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඊයේ බළන්ගොඩ දිසා අධිකරණයේදී සැකකාරිය ලබන 03 වැනිදා තෙක් බන්ධනාගාර ගත කෙරුණි.

බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් ජී .එල් කන්නංගර මහතා මෙලෙස නියෝග කරනු ලැබූවේ වළේකුඹුර මරංගමවෙල ඌවතැන්නේ පදිංචි 25 හැවිරිදි තැත්තියකටය. එම ඇල ආසන්නයේ එක් නිවසක් ඇති අතර එම නිවසේ දෙවැනි දියණිිය විවාහ උත්සවසයක් 20 වැනිදායෙදී තිබුණු බව පැවසේ.

මේ අතර එම නිවසේ වැඩිමහල් පුතාට අවටින් කුණුගඳක් දැනී ඇති අතර ඒ පිලිබඳ විපරම්කර ඇත. ආසන්නායේ එම නිවැසියන් දියනාන පීල්ල දෙසින් කුණුගඳ ගසන පාර්සලයක් තිබෙණු දැක තරුණයා එය විවෘත කර ඇත. එහිදී ඔහු රෙද්දකින් ඔතන ලද පොඩි ළමයෙුගේ මළ සිරුරක් දුටුහෙයින් බියව මරන්ගහවෙල ග‍්‍රාමනිලධාරියා වෙත දන්වා තිබේ .

ඒ අනුව නිවසේ වැඩිමල් දියණිය විවාහක හා විසිපස් හැවිරිදි එක්දරු මවකි. සැකකාර කාන්තාව පොලීසියට රැගෙනවිත් ප‍්‍රශ්න කිිරිමෙන් පසු කාන්තා තමන් විසින් දියනෑමට ගොස් රෙදිසෝදමින් සිටියදී බිහිවූ දැරිය රෙද්දක ඔතා කුඹුරට විසිකළ බවට පිළිගෙන ඇත. සැකාකාර කාන්තාව 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 03 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර ඇත.

සමන්තා කංකානම්ගේ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3522359633225099859

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item