තම සැමියා සොයා උද්ඝෝෂණය කරන මයුරි

සුදු වෑන් රියකින් පැමිණ මීට වසර දෙකකට පෙර පැහැර ගෙන ගිය සිය සැමියා සොයා දෙන මෙන් ඉල්ලා තරුණ මවක් අනුරාධපුර අධිකරණය ඉදිරිපිට සත්‍යග්‍රහය...


සුදු වෑන් රියකින් පැමිණ මීට වසර දෙකකට පෙර පැහැර ගෙන ගිය සිය සැමියා සොයා දෙන මෙන් ඉල්ලා තරුණ මවක් අනුරාධපුර අධිකරණය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී තිබේ.

තම නිවුන් දරුවන් දෙදෙනා සමග සත්‍යග්‍රහයේ යෙදුණු මයුරි ඉනෝකා ජයසේන කියා සිටියේ සිය සැමියා වන මධුෂ්ක හරිස් ද සිල්වා සොයා දෙන මෙන් පසුගිය ආණ්ඩුව සමයේ ඉල්ලා සිටියත් ඉන් ඵලක් නොවූ බවයි.

‘මම කිසි වෙලාවක පිළිගන්නේ නැහැ එයා නෑ කියලා. මම තවත් මගේ මහත්තයා ගෙදරට එනකන් බලා ඉන්නවා’ ඇය පැවසුවාය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කළාක් මෙන් තම සැමියාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන්ද නැවත විමර්ශන ආරම්භ කරන ලෙස ඇය වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

‘මගේ මහත්තයට වෙච්ච සිදුවීම ගැන කියන්න ඇසින් දුටු සාක්ෂි කියන්න කට්ටිය ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉහළ බලධාරීන් යටතේ මේක යට ගහනවා කියලා මට තේරෙනවා’ ඇය පැවසුවාය.

සිය දරුවන් දෙදෙනා සමග රට පුරා ගොස් උද්ඝෝෂණ පවත්වමින් සිය සැමියා සොයා දෙන ලෙස ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් අවධානය යොමු නොකිරීම පිළිබඳ කනගාටු වන බවත් ඇය සඳහන් කළාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2916795807177085921

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item