සංගක්කාර බ්‍රිතාන්‍ය තානාපතිධූරය ප්‍රතික්ෂේප කරයි? දේශපාලන පත්වීම් වලට අකමැතියි
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, සමුගැනීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට පිරිනමන ලද...

https://www.sathhanda.com/2015/08/sangakkara-farewell.html
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, සමුගැනීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට පිරිනමන ලද එක්සත් රාජධානියේ මහකොමසාරිස් ධූරය කාරුණිකව ප්‍රතික්ෂේප කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටී.
කවදාවත් දේශපාලනයේ නියැලීමටවත් දේශපාලන පත්වීම් ලබා නොගැනීමටවත් සංගක්කාර තීරණය කොට ඇති බවත් සඳහන් වේ. එහෙත් ජනාධිපතිවරයාගේ යෝජනාව එකහෙලා ප්‍රතික්ෂේප කිරීම ඔහුට කරන අගෞරවයක් බැවින් සංගා ඊයේ කිසිවක් ප්‍රකාශ කොට නොමැත.
කෙසේ වෙතත් තවත් වසරක පමණ කාලයක් එංගලන්තයේ කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම සඳහා සංගා නුදුරේදී යලිත් එංගලන්තයට යාමට නියමිතය.
Related