එජාප ජාතික ලැයිස්තුවේත් පරාජිත අපේක්ෂකයෙක්! ආදර්ශමත් ජාතික ලැයිස්තුව රෙද්ද පල්ලෙන් බෙරේ

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමි වන්නේ කාටදැයි ඊයේ දින ප්‍රකාශයට පත්කෙරුණ අතර පසුගිය මහ මැතිවරණය සඳහා පුත්තලම් දිස්ත්...

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමි වන්නේ කාටදැයි ඊයේ දින ප්‍රකාශයට පත්කෙරුණ අතර පසුගිය මහ මැතිවරණය සඳහා පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කර පරාජයට පත්වූ අපේක්ෂකයෙකු වන M.H.M නවාවී ද එහි සිටිනවා. ඔහු රිෂාඩ් බදියුදීමන් මහතාගේ සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකයෙක්. 

නමුත් මීට පෙර එක්සත් ජාතික පක්ෂය පවසා සිටියේ මැතිවරණයට තරඟ කර ජයගැනීමට නොහැකි වූ අපේක්ෂකයන් කිසිවෙකුට තම ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඉඩ නොදෙන බවයි. 

එජාප මහ ලේකම් කබීර් හෂීම් ද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ පරාජිත අපේක්ෂකයන් නම් නොකිරීම මගින් පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු පත්කිරීම්වලදී එක්සත් ජාතික පක්ෂය විසින් උතුම් වූ ආදර්ශයක් රටටම ලබාදීමට සමත්ව ඇති බව පැහැදිලි වන බවයි.

එක්කෝ ඔහු නොදැන එම ප්‍රක්කාශය කලා හෝ දැනගෙන ජනතාව ගොනාට අන්දන්න හිතා මතා සුදු කලාද යන්න ගැන ගැටලුවකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. කබීර් දැනගෙන ජනතාව ගොනාට අන්දලා.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 2812549352428471583

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item