කඩවත නිවසක කාන්තාවක් කපා කොටා මරා දමලා

කඩවත, පහලකරගහමුල ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී සිටි කාන්තාවක් සිය කාමරය තුළ අභිරහස් ලෙස මරණයට පත් ව සිටිය දී අද (07) සොයාගෙන තිබේ. ...

කඩවත, පහලකරගහමුල ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී සිටි කාන්තාවක් සිය කාමරය තුළ අභිරහස් ලෙස මරණයට පත් ව සිටිය දී අද (07) සොයාගෙන තිබේ.

මීට මාස 05 කට පමණ ඉහත දී මරණයට පත් මෙම කාන්තාව අදාල නිවසේ යාබද කොටසක් කුලියට ගෙන එහි පදිංචියට පැමිණ තිබේ. 

නිවසේ අයිතිකාරිය වෛද්‍යවරියක්වන අතර ඇය ඊට යාබදින් පදිංචි වී සිටී. එම කාමරය පෙදෙසෙන් දුගඳක් හමන බැවින් විපරම් කර බලන අවස්ථාවේ දී එම කාන්තාව බෙල්ලේ කැපුම් තුවාල සිහිත ව නිරුවතින් මරණයට පත් ව සිටිය දී මෙලෙස සොයාගෙන ගනු ලැබී ය.

මෙම කාන්තාව වයස අවුරුදු 45 ක් 50 ක් පමණවන බවත් දික්කසාද වී ඇති බවත් වාර්තා වේ. ඇය කඩවත පෞද්ගලික ඔසුසැලක සේවය කර ඇත.

03 වැනි දා ඇය සේවයට ගොස් නොමැති අතර 04 වැනි දා සේවයට ගොස් පස්වරු 02.00 ට පමණ නැවත පැමිණ ඇති අතර 04 වැනි දා රාත්‍රියේ ඇය ඥාතියෙකුට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බවත් වාර්තා වේ.

05 වැනි දා හෝ 06 වැනි දා මෙම මරණය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරන අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කඩවත පොලීසිය විසින් සිදු කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2027314324767333483

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item