ප්‍රවේශපත්‍රය නොලැබී සිසුවිය දිවි නසාගනියි - විදුහල්පතිගේ වැඩතහනම්

විදුහල්පතිවරයා විසින් උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ලබානොදුන් බව පවසමින් වව්නියාව - පණ්ඩාරිකුලම් - විපුලානන්ද විද්‍යාලයේ 19 හැවිරිදි සිසුවි...

විදුහල්පතිවරයා විසින් උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ලබානොදුන් බව පවසමින් වව්නියාව - පණ්ඩාරිකුලම් - විපුලානන්ද විද්‍යාලයේ 19 හැවිරිදි සිසුවියක් ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ වව්නියාව - පණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචි කුනසේකරම් දිව්‍යා නමැති සිසුවියක්. සිය දිවි හානි කර ගැනීමට පෙර ඇය ලිපියක් ද ලියා තිබෙනවා. එහි දක්වා ඇත්තේ පන්ති භාර ගුරුවරිය තමන්ට ලබාදුන් විභාග ප්‍රවේශ පත්‍රය විදුහල්පතිවරයා යළි ලබාගත් බවයි. සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත්වීම නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදිය නොහැකි බව විදුහල්පතිවරයා ප්‍රකාශ කළේ යැයි ලිපියේ සදහන් වනවා. එම සිද්ධිය නිසා ඇති වූ සිත් තැවුලෙන් ඇය මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව මිය ගිය දැරියගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

ඊයේ පස්වරුවේ මෙලෙස සිය දිවි හානි කර ගත් කුනසේකරම් දිව්‍යා සිසුවිය සහෝදර, සහෝදරියන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියායි. 

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ අද පස්වරුවේ නිවේදනයක් ද නිකුත් කළා. එහි දැක්වෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන තුරු අදාළ විදුහල්පතිවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත නියෝග කළ බවයි. 2015 වසරේ ජුලි 6 වන දින පාසල් වෙත යැවූ විභාග ප්‍රවේශ පත්‍ර කඩිනමින් අපේක්ෂකයින් වෙත ලබාදෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබූ බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කරනවා. විදුහල්පතිවරයා විසින් උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ලබානොදුන් බව පවසමින් වව්නියාව - පණ්ඩාරිකුලම් - විපුලානන්ද විද්‍යාලයේ 19 හැවිරිදි සිසුවියක් ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ වව්නියාව - පණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචි කුනසේකරම් දිව්‍යා නමැති සිසුවියක්. සිය දිවි හානි කර ගැනීමට පෙර ඇය ලිපියක් ද ලියා තිබෙනවා. එහි දක්වා ඇත්තේ පන්ති භාර ගුරුවරිය තමන්ට ලබාදුන් විභාග ප්‍රවේශ පත්‍රය විදුහල්පතිවරයා යළි ලබාගත් බවයි. සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත්වීම නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදිය නොහැකි බව විදුහල්පතිවරයා ප්‍රකාශ කළේ යැයි ලිපියේ සදහන් වනවා. එම සිද්ධිය නිසා ඇති වූ සිත් තැවුලෙන් ඇය මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව මිය ගිය දැරියගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
ඊයේ පස්වරුවේ මෙලෙස සිය දිවි හානි කර ගත් කුනසේකරම් දිව්‍යා සිසුවිය සහෝදර, සහෝදරියන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියායි. 

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ අද පස්වරුවේ නිවේදනයක් ද නිකුත් කළා. එහි දැක්වෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන තුරු අදාළ විදුහල්පතිවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත නියෝග කළ බවයි. 2015 වසරේ ජුලි 6 වන දින පාසල් වෙත යැවූ විභාග ප්‍රවේශ පත්‍ර කඩිනමින් අපේක්ෂකයින් වෙත ලබාදෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබූ බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කරනවා.

00000




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6762376143707062067

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item