දෙමළ සන්ධානයට විපක්ෂ නායක තනතුර හිමිවිය යුතුයි - ජවිපෙ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දේශපාලන සදාචාරය අනුව විපක්ෂ නායක තනතුර හිමිවිය යුත්තේ ආණ්ඩුවෙන් පරිබාහිර ඊළඟට වැඩිපුර ආසන සංඛ්‍යාවක් සහිත දේශපාලන ...
https://www.sathhanda.com/2015/08/nihal-galappatti.html
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දේශපාලන සදාචාරය අනුව විපක්ෂ නායක තනතුර හිමිවිය යුත්තේ ආණ්ඩුවෙන් පරිබාහිර ඊළඟට වැඩිපුර ආසන සංඛ්‍යාවක් සහිත දේශපාලන කණ්ඩායමට බවද ඒ අනුව එම දේශපාලන යථාර්ථය අනුව විපක්ෂ නායක තනතුර දෙමළ එක්සත් සන්ධානයට හිමි විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසාතිබේ.
බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා මේබව පවසා තිබේ. ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා පෙරමුණත් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති අතරවාරයේ විපක්ෂ නායක පදවියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත තබා ගැනීමට යාම දේශපාලන විකෘතියක් බවද හෙතෙම පෙන්වා දී තිබේ.


Related