වයඹ මහ ඇමතිකම රාජපක්ෂ කෙනක්ට?

දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් අනතුරුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පළාත් අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා න...

දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් අනතුරුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පළාත් අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා නම් කිරීමට යෝජනා වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට වයඹ පළාතේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ඒ මහතා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මනාප 24818ක් ලබා තේරී පත් වුණා. 

මේ අතර පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතාට ප්‍රධාන අමාත්‍ය තනතුර ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට සභාවේ තවත් මන්ත්‍රීවරු පිරිසක් තීරණය කර තිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2370118363398111596

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item