පුත්තලමට නීතියක් නැද්ද? [PHOTOS]
මෙරට පනවා ඇති රථ වාහන නීතිය රටේ සෑම ප්‍රදේශයකටම සෑම පුද්ගලයෙකුටම එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය. එහෙත් පුත්තලමට පමණක් රථ වාහන නීතියට පටහ...

https://www.sathhanda.com/2015/08/puththalam.html
මෙරට පනවා ඇති රථ වාහන නීතිය රටේ සෑම ප්‍රදේශයකටම සෑම පුද්ගලයෙකුටම එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය. එහෙත් පුත්තලමට පමණක් රථ වාහන නීතියට පටහැනි නව රාමුවක් සකසා තිබීම පුදුමය දනවන්නකි.
මෙරට රථ වාහන නීතිය දෙබිඩි නීතියක්ද? නැතිනම් රථ වාහන ආඥා පනතෙන් ඔබ්බට ගොස් නව නීතියක් පුත්තලමට පමණක් ක්‍රියාත්මකද ? ජනතාව කුතුහලයෙන් විමසති.
පුත්තලම නගරයේ ප්‍රධාන වට රවුම අවහිර වන අයුරින් රථ වාහන නවතා තිබීම වෙනත් ප්‍රදේශවලින් නොදකින දසුනකි. මෙය රථ වාහන නීතියට පටහැනි කරුණක් නොවේද?
තවද බොහෝ යතුරු පැදිකරුවන් හිස්වැසුම් නොමැතිව ධාවනයේ යෙදෙන ආකාරය ද දක්නට ලැබෙයි.
බෙහෙතක් ගැනීමට නගරයට එන රෝගීන්ට, පුංචිපහේ වෙළඳාමක් කරන පිරිසට, සුළු වරදට ලොකු දඩ කොළ මිටි ගණන් නිකුත් කරන රථ වාහන පොලිස් නිළධාරින්ගේ ඇස් කන් විවර වන්නේ කවදා දැයි සිවිල් ජනතාව විමසිල්ලෙන් බලා සිටිති.
Related