ජවිපෙ හා දෙමල සන්ධානය ඉදිරි එජාප ආණ්ඩුවට සහය දෙනවා - දෙරණ 360 රනිල් සමග කල සාකච්චාව [VIDEO]
මැතිවරණයෙන් පසු ඉදිරි ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිවලට ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සහය ලබාදෙන බව පවසා ඇති බවත් අනෙක් කාරණා වලට සහය නොදෙන බව...
https://www.sathhanda.com/2015/08/ranil-wickramasinghe-derana-360-interview.html
මැතිවරණයෙන් පසු ඉදිරි ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිවලට ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සහය ලබාදෙන බව පවසා ඇති බවත් අනෙක් කාරණා වලට සහය නොදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (11) රාත්‍රී දෙරණ නාලිකාවේ පැවති 360 විශේෂ වැඩසටහන සමග එක්වෙමිනි.
එහෙත් වෙනත් අවස්ථාවන්හිදී ඒ ඒ පක්ෂ තම තමන්ගේ පක්ෂ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරනු ඇති බවත් රටේ ප්රජාතන්ත්රවාදය ඇති කිරීම, ජාතිවාදය නැති කිරීම, යහපාලනය ඇති කිරීම යන කරුණු සඳහා ජවිපෙ සමග එකඟ වූ බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
2005 වසරේදී දෙමළ ජනයාගේ ඡන්දය ලබා නොදීමට එල්.ටී.ටී.ඊය විසින් තමාගෙන්ද මුදල් ඉල්ලා සිටි බවත්, තමන් එසේ ලබා නොදුන්නද මහින්ද රාජපක්ෂ මහතා විසින් අවස්ථා දෙකකදී එල්.ටී.ටී.ඊයට මුදල් ලබාදුන් බවත් වික්‍රමසිංහ මහතා පැවසී ය.
මෙසේ මුදල් ලබාදීමට කොන්දේසි ලෙස ඉදිරිපත් කර තිබුණේ රාජපක්ෂ පවුලේ කිසිවෙකුටත් හානි නොකිරීම බවද, එකී කොන්දේසි බිඳවැටුණේ 2006 දී ගෝඨාභය රාජපක්ෂ මහතාට බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසුව බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2005 වසර වෙද්දී එල්.ටී.ටී.ඊය දුර්වල වී පැවති බවත්, ජ්‍යෙෂ්ඨයින් බෙදී වෙන්වී තිබුණු බවත්, සුනාමියෙන් දැවැන්ත ලෙස හානි සිදුව තිබුණු බවත් ඒ මොහොතේ එල්.ටී.ටී.ඊය මර්දනය කළේ නම් දෙපාර්ශවයටම විය හැකි හානි අවම විය හැකිව තිබුණු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත් මෙම කාලය තුළ රාජපක්ෂගෙන් මුදල් ගත් එල්.ටී.ටී.ය එම මුදල් මගින් තම ශක්තිය වර්ධනය කර ගත් බවත්, හාර පන්දහසක අලුතෙන් පිරිසක් බඳවාගෙන පුහුණු කළ බවත් ඔහු අවධාරණය කළේය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ ෆෙඩරල් යෝජනා ගැන විමසීමේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 1952 වසරේ සිට ඔවුන් මෙම ඉල්ලීම ඉල්ලන බවයි.
එසේම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බෙහි බලය බෙදීමකට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඉදිරියේ පොරොන්දු වූයේ මහින්ද රාජපක්ෂ මහතා බවත්, තමන් ඒකීය රාජ්‍ය තුළ ගෙනෙනා දේශපාලන විසඳුමකට මිස අන් විසඳුමකට එකඟ නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලද බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉවත්කරන ලද්දේ සාම්පූර් කඳවුරක් පමණක් බවත්, එය ඉවත් කිරීමට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් එය ඉවත්කරන බවට දෙමළ ජනයාට ලබාදී තිබුණු පොරොන්දුව නිසා බවත්ය.
සාම්පූර් ප්‍රදේශයේම වෙනත් ස්ථානයක එම කඳවුර ඉදිකරමින් පවතින බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
එම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න
worst unp leader ever, who supports ltte diaspora
ReplyDelete