තවත් මහලේකම් කෙනක් ඉවත් කරයි

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහලේකම් වයි.එල්.එස් හමීඞ් එම පක්ෂය විවේචනය කිරීම හේතුව  ලේකම් තනතුරෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා. කොංග්‍රසයේ නාය...

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහලේකම් වයි.එල්.එස් හමීඞ් එම පක්ෂය විවේචනය කිරීම හේතුව  ලේකම් තනතුරෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා. කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් කොළඹදී අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මහලේකම්වරයා තම පක්ෂයට ලබාදෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඉල්ලා සිටි බවයි. එහෙත් ඒ සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය නම් කළේ එම්.එච්.එම්. නවාවි නමැත්තායි. 

මෙම තත්ත්වය හමුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ වයි.එල්.එස් හමීඩ් - පක්ෂ නායක රිෂාද් බදියුදීන් මෙන්ම පක්ෂය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමිනුයි පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඔහු තනතුරෙන් ඉවත් කර ඇත්තේ. එමෙන්ම, පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස වෛද්‍ය ඒ.එල්. සාජහාන් පත් කර තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3911395800368639354

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item