මට මැති ඇමති කම් එපා - ෆොන්සේකා පරාජය බාරගනියි
තමන්ට පුද්ගලිකව තනතුරු, මැති ඇමතිකම් අවශ්‍ය නැති බවත් ඒවා අවශ්‍ය නම් ප‍්‍රබල පක්ෂ වලින් ඉදිරිපත්වීමට අවස්ථාව තිබූ බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ...

https://www.sathhanda.com/2015/08/sarath-fonseka.html
ඔහු මේ බව පැවසූවේ ඊයේ (01) මාවනැල්ල, අරණායක, රඹුක්කන නගරවල පැවති ජන හමුවලට එක්වෙමිනි.
“අපට අවශ්‍ය නැහැ පාර්ලිමේන්තු යන්න, මට පුද්ගලිකව අවශ්‍යතාවයක් නැහැ මන්ත‍්‍රී ධුර, කොහෙත්ම මට ඒ සඳහා තනතුරු අවශ්‍ය නැහැ. මට පුද්ගලිකව අවශ්‍ය නැහැ මැති ඇමති කම්, ඒවා ගන්න ඕනෑ නම් ප‍්‍රබල පක්ෂ වලින් අපට එන්න වුනත් තිබුණා. ජනතාව හරි මග ගෙනයන්න ඕනෑ නිසා තමයි වෙනම බලවේගයක් ගොඩනගන්න කල්පනා කළේ” යැයි ෆොන්සේකා මහතා පැවසී ය.
එහෙත් නාමයෝජනා දෙන කාලයේදී වාර්තා වුයේ "එකසත් ජාතික පෙරමුණ" නමැති සංවිධානයක් ගොඩ නැගෙන බව නොදැන සිටි බවත් ඔහුට එකතු වීමට සංවිධානයක් නොතිබූ බවත්ය. මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයයේ බලය ලබාගැනීමෙන් පසුව උන් හිටි තැන අහිමි වූ චම්පික ඇතුළු පිරිස එජාපයට රිංගන විට ෆොන්සේකා නාමයෝජනා බාරදී අවසන් වී තිබුණි.
Related