මහින්දගේ ජීවිතේ අනතුරේ - ඊයේ මහින්දගේ කාර්යාලයෙන් අල්ලාගත් සැක කටයුතු පුද්ගලයා රාජ්‍ය බුද්ධි අංශයේ

කුරුණෑගල දිස්ත්‍රීක්කයේ සන්ධාන අපේක්ෂක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කුරුණෑගල පිහිටි ප‍්‍රධාන මැතිවරණ කාර්යාලය තුල ගිනි අවියක් අතැ...

කුරුණෑගල දිස්ත්‍රීක්කයේ සන්ධාන අපේක්ෂක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කුරුණෑගල පිහිටි ප‍්‍රධාන මැතිවරණ කාර්යාලය තුල ගිනි අවියක් අතැතිව සිටි සැක කටයුතු පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු රාජ්‍ය බුද්ධි අංශයේ (SIS) පොලිස් නිලධාරියකු බව මේවනවිට තහවුරු කර ගෙන ඇත.

මේ වනවිට ආණ්ඩුවට සම්බන්ද ඉහල පිරිස් මෙම පුද්ගලයා සාලින්ද දිසානායකගේ හිතවතෙක් බව පවසා සිටියත් සත්‍ය නම් එසේ හිතවත් කම නොමැති බවය. ඔහු අත් අඩංගුවට පත්වන මොහොතේදීත් සාලින්ද දිසානායකගේ හිතවතුන් එහි සිටි බවත් සඳහන් වේ.

රාජපක්ෂ මහතාගේ සමීපතයන් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතින බවත් රජය එම කුමන්ත්‍රණය පිටුපස සිටින බවත්ය. ඔවුන් පවසන පරිදි ආණ්ඩුව මෙම බුද්ධි අංශ නිළධාරියා යවා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අදාළ තොරතුරු සෙවීමේ අරමුණෙනි.

මේ සම්බන්ධව අදහස් දක්වන සාලින්ද දිසානායක මහතා:




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7209852917021697284

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item