එජාප, ශ්‍රීලනිප හවුල් ආණ්‌ඩුවෙන් රටට සෙතක් වෙන්නෑ
එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකට එකතු වී පිහිටුවීමට යන හවුල් ආණ්‌ඩුවෙන් රටටත්, රටේ ජනතාවටවත් කිසිදු සෙතක් අත්නොවන...
https://www.sathhanda.com/2015/08/somawansa-amarasinghe_28.html
එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකට එකතු වී පිහිටුවීමට යන හවුල් ආණ්‌ඩුවෙන් රටටත්, රටේ ජනතාවටවත් කිසිදු සෙතක් අත්නොවන බව ඉර හඳමෙන් විශ්වාස යෑයි ජනතා විමුක්‌ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.වැඩිදුරටත් කරුණු දැක්‌වූ අමරසිංහ මහතා නිදහස ලැබූදා සිට එක්‌සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් මාරුවෙන් මාරුවට මේ රට පාලනය කළා. නමුත් මේ පක්‍ෂ දෙකෙන් එකකටවත් මේ රටේ දැවෙන ප්‍රශ්න එකකටවත් විසඳුමක් දෙන්න බැරි වුණා. මේ පක්ෂවල දෙගොල්ලොම කළේ රට විනාශ කිරීම විතරයි. මහ මැතිවරණය පවත්වලා ප්‍රතිඵල නිකුත් කරලා දැන් සතියකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. නමුත් අද වෙනකම් ඇමැති මණ්‌ඩලය පත් කරගන්න බැරිවෙලා තිබෙනවා. සමගියෙන් ඇමැතිකම්
ටික බෙදාගන්න බැරි එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොහොමද ආණ්‌ඩුවක් ගෙනියන්නේ. මේ දෙගොල්ලොම හදන්නේ ජනතාවට කොකා පෙන්වන්නයි. ඇමැතිකම් ගන්න පිරිසක් ගහ ගනිද්දී තව පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකකම ගන්න මරා ගන්නවා. එනිසා රටේ ඉදිරි ගමන ගැන අපිට තිබෙන්නේ දැඩි අවිනිශ්චිත භාවයක්. එම නිසා ජනතාව අවදියෙන් සිටිය යුතුයි. දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට රට ගෙනියන්න ඉඩ දී බලා සිටියහොත් ජනතාවට දෙයියන්ගේම පිහිට යෑයිද අමරසිංහ මහතා පැවසීය.


Related