තරුණියක් සමග කාමරයක තනිවුන පනස් පහේ බන්ධනාගාර නියාමක මරුට
තරුණ කාන්තාවක් සමඟ අනුරාධපුර නව නගරයේ පිහිටි ලැගුම්හලකට පැමිණි බන්ධනාගාර නියාමකවරයෙකු හදිසියේ ඇති වූ රෝගි තත්ත්වයකින් මියගොස් තිබෙනවා. මෙ...
https://www.sathhanda.com/2015/08/anuradhapura-jailer-died.html
තරුණ කාන්තාවක් සමඟ අනුරාධපුර නව නගරයේ පිහිටි ලැගුම්හලකට පැමිණි බන්ධනාගාර නියාමකවරයෙකු හදිසියේ ඇති වූ රෝගි තත්ත්වයකින් මියගොස් තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..
මියගොස් ඇති බන්ධනාගාර නියාමකවරයා 55 හැවිරිදි වියේ පසුවන්නෙක්. ඔහු සමග ලැගුම්හලවෙත ගොස් ඇත්තේ විවාහයෙන් වෙන්ව සිටින රාජංගණය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණ කාන්තාවක්. ඇය ඊයේ (24) සවස 5.30ට පමණ රාජාංගණයේ පිහිටි නිවසින් බන්ධනාගාර නියාමකවරයා මුණගැසීම සඳහා පැමිණ ඇති අතර ඉන්පසුව දෙදෙනා අනුරාධපුර නව නගරයේ පිහිටි ලැගුම්හල වෙත පැමිණ ඇති බවයි හෙළිව තියෙන්නේ.
දෙදෙනා කාමරයක් තුල සිටියදී එම තැනැත්තා හදිසියේම රෝගාතුර වී ඇති අතර කාන්තාව වහාම ඔහුව රෝහල් ගත කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
මොහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව බාහිර රෝගී අංශයේදී මියගොස් ඇත් අතර කලක පටන් අධී රුධිර පීඩනය හා හෘදයාබාධයකින් මොහු පෙළෙන්නට ඇති බවයි පැවසෙන්නේ..
ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධයක් භාවිතා කිරීම නිසා මෙසේ රෝගි වී මරණය සිදුවූයේද යන්න සම්බන්ධයෙන් සැක මතුව තිබෙන බව ද පොලීසිය සඳහන් කරනවා.
මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.


Youu don't need these medicines in Sri Lanka. When Horoscopes are matched things should be OK. As Buddhist we have to learn to control our desires.
ReplyDelete