ආර්ථිකය කඩා වැටිලා - ‍ගොඩගැනීමේ මග සන්ධාන ප්‍රතිපත්තියයි

නිදහසින් පසු වසර 67 ක දේශපාලන ඉතිහාසය තුළ වැඩිම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවේ ඉකුත් වසර 9ක කාලය තුළ බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසය...

නිදහසින් පසු වසර 67 ක දේශපාලන ඉතිහාසය තුළ වැඩිම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවේ ඉකුත් වසර 9ක කාලය තුළ බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

මේ රටේ පැවතියේ ප්‍රධාන ගැටළු දෙකක් බවත්, පළමුවැන්න 30 වසරකට අධික කාලයක් දිග්ගැසුණු යුද්ධය බවත්, දෙවැන්න ආර්ථික ප්‍රශ්නය බවත් පෙන්වා දුන් ගොඩහේවා මහතා මෙම ගැටළු දෙකටම මහින්ද රාජපක්ෂ පාලන යුගයේ විසඳුම් ලැබුණු බව කියා සිටියේ අද(05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේ වුවද පසුගිය මාස 06 ක කාලය තුළ රටේ ආර්ථිකය මුළුමනින්ම කඩාවැටී ඇති බවත්, වියදම් මිස ඉතිරියක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පාහේ අතරමග නැවතීම නිසා දීර්ඝ කාලීන ආයෝජන නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවත්, විශාල පිරිසකට රැකියා අහිමිවීම නිසා එයද ආර්ථිකයට බරක් වී ඇති බව ගොඩහේවා මහතා පෙන්වා දුන්නේය.

2014 අගෝස්තුවල සිට ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහත වැටුණු බවත් , ජනවාරි මාසය වන විට එය 56% ක් පමණ දක්වා අඩුවුණු බවත්, මෙම රජය විසින් ඉන්ධන අඩු මිලට ලබාදෙනු ලැබුවේ එකී වාසිය ප්‍රයෝජනයට ගෙන මිස ජනතාව මත පටවා ඇති බදුබර ලිහිල් කිරීමෙන් නොවන බව ඔහු අවධාරණය කළේය.

පසුගිය රජය විසින් අසීමිත ලෙස බදු පැනවීම නිසා ඉන්ධන මිල ඉහළගොස් ඇති බවට එජාපය විසින් චෝදනා කරනු ලැබුවද, එලෙස බදු අයකරනු ලැබීනම් ඔවුන්ට එකී බද්ද ද අහෝසි කරමින් ඒ සහනය ජනතාවට ලබාදිය හැකිව පැවති බව හෙතෙම පෙන්වා දුන්නේය.

අසාර්ථක මූල්‍ය පරිපාලනය නිසා මේවන විට රට දැවැන්ත පරිහාණියක් කරා ගමන් කරමින් පවත්නා බව ගොඩහේවා මහතා කියා සිටියේය.

මෙම අර්බුදයෙන් රට ‍ගොඩගැනීමට අවුරුදු 5ක ඉලක්ක ගත වැඩපිළිවෙලක් සහිතව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බවත්, එම ඉලක්ක සපුරා ගත හැකි මාර්ගය පවා එහි පැහැදිලිව පෙන්වාදී ඇති බවත්, අනෙක් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන හා සසඳා බලන විට ප්‍රායෝගික ඉදිරි දැක්මක් සහිත එකම ප්‍රතිපත්ති ප්‍රකාශනය එය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1860456825278502437

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item