මැතිවරණයට පෙර අප ගැන දැන ගතයුතු කරුණු හතක්

ලබන 17වෙනි සඳුදා තමන්ගේ නියෝජිතයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලාංකික ඡන්දදායකයින් පෙළ ගැසෙනු ඇත. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ කවුරුන...

ලබන 17වෙනි සඳුදා තමන්ගේ නියෝජිතයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලාංකික ඡන්දදායකයින් පෙළ ගැසෙනු ඇත. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ කවුරුන්දැයි දැන ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව ගෙවෙන හෝරා කීපයක් ගතවෙනු ඇත. ඡන්දයට වැඩ 

මේ කාලය තුලදී මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව ඡන්දදායකයින්ට දැනගැනීමට වැදගත් වන කරුණු කීපයකි මේ.

ඡන්දය හිමි කාටද?

2014 ඡන්ද හිමි නාමලේඛනයෙහි නම ඇතුළත් සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ට අගෝස්තු 17 වැනිදා සඳුදා පෙ.ව.7.00 සිට ප.ව.4.00 දක්වා අදාළ ඡන්ද මධ්‍යස්ථාන වල දී ඡන්දය ප්‍රකාශ කළ හැක.
ඡන්ද කාඩ්පත අනිවාර්යද? ඡන්ද පෝලිම -සංරක්ෂිත සේයා රූ 

ජන්ද කාඩ්පත (පෝල් කාඩ් පත) අනිවාර්ය නොවන අතර අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත,විදේශීය ගමන් බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, භික්ෂු හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති තාවකාලික හැඳුනුම්පත යන අනන්‍යතා පත්‍ර පමණක් වලංගු ය.

ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද?

ඡන්ද පත්‍රිකාව කොටස් 2 කින් සමන්විත වන අතර ඉහළ කොටස පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නම් සහ සංකේත වලින් සමන්විත ය.එහි එක් එක් පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියෙන් ‘ඡන්දය‘ සලකුණු කළ හැකි ය.

මනාප ලකුණු කරන්නේ කෙසේද?

ඡන්ද පත්‍රිකාවේ පහළ කොටු වල අපේක්ෂක අංක සඳහන් වන අතර, එම අංකිත කොටු මත කතිර සලකුණු කිරීමෙන් ‘මනාප‘ ප්‍රකාශ කළ හැක. ලබා දිය හැකි උපරිම මනාප සංඛ්‍යාව 3 කි.

ඡන්ද ගණන් කරන්නේ කොහොමද?

ඡන්දය ගණන් කිරීම ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී සිදු කෙරෙන අතර එය අදියර 3 කින් සිදුවේ. පළමුව සෑම ඡන්ද පෙට්ටියකට ම අදාලව ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන වලින් ලබාදෙන ගණන් සමඟ ඡන්ද පෙට්ටි වල ඇති පත්‍රිකා ප්‍රමාණය, අදාල සහතික කිරීමේ ලියවිලි සමඟ සන්සන්දනාත්මකව ගණනය කර නිරවද්‍යතාව තහවුරු කර ගැනේ. දෙවනුව නරක් වූ ඡන්ද ඉවනත් කර, වලංගු ඡන්ද පමණක් පක්ෂ සහ කණ්ඩායම් මට්ටමට වෙන් කර ගණනය කරනු ලැබේ. පසුව සිදු කරනු ලබන තුන්වැනි වර ගණනය පක්ෂ මට්ටමින් සිදු කරනුලබන ‘මනාප ගණනය‘ යි.

ප්‍රතිපල නිකුත් වෙන්නේ කෙළෙසද? 

ප්‍රතිඵල නිකුත් කිරීම අදියර තුනකි. ගණනයේදී මුලින් ම තැපැල් ඡන්ද පත්‍රිකා ගණනය කර තැපැල් ඡන්ද ප්‍රතිඵල විවිධ දිස්ත්‍රික්ක මට්ටමින් සිදු කෙරෙන අතර අවසානයේ දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරියා විසින් සහතික කොට මැතිවරණ කාර්යාලයෙන් නිකුත් කරනු ලබන අවසන් දිස්ත්‍රික්ක ප්‍රතිඵලය තැපැල් ඡන්ද ප්‍රතිඵලය ද එකතු කරනු ලබන සමස්ත දිස්ත්‍රික්ක මැතිවරණය ප්‍රතිඵලය ලෙස සැලකිය යුතු ය. තුන්වැනුව නිකුත් කරන ප්‍රතිඵලය ‘මනාප ප්‍රතිඵල‘ වේ.

ආසන වෙන් කෙරෙන්නේ කවරාකාරයකටද?

ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය, දිස්ත්‍රික්ක මට්ටමේ ප්‍රතිඵලය සලකා බලා, දිස්ත්‍රික්කයට හිමි ආසන සංඛ්‍යාෙවන් 1 ක් අඩු කර සෙසු ආසන ඒ ඒ පක්ෂ හා කණ්ඩායම් විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය අතර සමානුපාතික ක්‍රමයට බෙදා හරිනු ලබන අතර ඉතිරි ආසනය වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට හිමි වේ. ආසන 196 ක් දිස්ත්‍රික්ක වශයෙන් ලබා ගන්නා ඡන්ද මත පදනම් ව ඒ ඒ පක්ෂ හා කණ්ඩායම් අතර බෙදීමෙන් අනතුරුව ඉතිරි ආසන 29 ජාතික ලැයිස්තු ක්‍රමයට අනුකූලව ඒ ඒ පක්ෂ හා කණ්ඩායම් ලබා ගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව මත සමානුපාතිකව බෙදා දෙනු ලැබේ.

"BBC සිංහල" ඇසුරෙන් 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5476715477258476224

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item