සන්ධානය දිනන බව සහතිකයි - බටහිර තානාපති කාර්යාල දෙකක් මහින්ද පාර්ශවයේ මන්ත්‍රීන් සමග සාකච්චා ආරම්ඹ කරයි
මහින්ද රාජපක්ෂ සමග සිටින දේශපාලනඥයින් කිහිප දෙනෙකුට බටහිර රටක තානාපති කාර්යාලයකින් ඇමතුම්ලබා දී තිබේ. ඒ අතර ප්‍රසන්න රණතුංගට හා දයාසිරි ජයස...

https://www.sathhanda.com/2015/08/usa-uk-embassy.html
එම තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ප්‍රසන්නගෙන් ලැබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොවේ. ඒ පසුගිය මැතිවරණය කාලයේදී ලංකාවේ දේශපාලනයට ඔවුන් මැදිහත්වූ බවට චෝදනා කරමිනි.
"ගිය ඡන්දයේදී ඔයාලාගේ තානාපති කාර්යාලය මැදිහත්වෙලා තිබුණානේ". මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වුණේ බටහිර රටවල තානාපති කාර්යාල කළ කුමන්ත්‍රණයක් නිසා ප්‍රසන්න තානාපති නිලධාරීන් හමුවේ කතා කළේ තරමක ආවේගයකිනි.
අපි රට ඇතුළේ දේශපාලනයට මැදිහත් වෙන්නේ නෑ. අපි රටේ පවතින තත්ත්වය දැනගැනීමට සහ අදහස් ඔබතුමාලා හමුවෙනවා පමණයි. අපි රට ඇතුළේ සිටින ආණ්ඩුව වෙනස් කරන්න වැඩ කරන්නේ නෑ. මොන ආණ්ඩුව බලයට පත්වුවත් අපි ඔවුන් සමග සුහදව කටයුතු කරනවා තානාපති නිලධාරීහු ප්‍රසන්නට කරුණු පැහැදිලි කළහ. ප්‍රසන්න හා තානාපති නිලධාරීන් අතර සාකච්ඡාව පැයකට අධික කාලයක් තිස්සේ පැවැත්විණි.
මින් පසු දයාසිරි ජයසේකර සහ තවත් ප්‍රබල හිටපු හිරපු ඇමතිවරුන් කිහිප දෙනෙකු සමගද සාකච්චා පවත්වා තිබේ.
මින් පසු දයාසිරි ජයසේකර සහ තවත් ප්‍රබල හිටපු හිරපු ඇමතිවරුන් කිහිප දෙනෙකු සමගද සාකච්චා පවත්වා තිබේ.
Related