පවතින පීඩනය හින්දා මම අස්වුණා - සුසිල්
ජනාධිපතිවරයා තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේ ඊට එරෙහිව සන්ධානයේ අනෙකුත් පාර්ශව කරුවන්ට අධිකරණය ඉදිරියට යා...
https://www.sathhanda.com/2015/08/susil-premajayanth.html
පවතින පීඩනය හමුවේ මහ ලේකම් ධුරෙයෙන් ඉල්ලා අස් වූ බවයි ඔහු කියා සිටියේ.
එජනිසය පිහිටවූ 2004 පෙබරවාරි මස 11 වන දින සිට මේ දක්වා එම සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණවල සියල්ලෙහි නාම යෝජනා පත්‍ර සකස් කිරීම, හා මැතිවරණවලට අදාළ සියලු කටයුතු තමා විසින් සන්ධානයේ සියලුම පක්ෂ සමග සුහදව ඉටු කළ බවයි ඔහු පැවසුවේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂවල නියෝජිතයින් කරුණු හරිහැටි වටහා නොගෙන ජනතාව නොමග යවන මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් තමන් දැඩි පීඩනයකට හසුවී සිටින බව ප්‍රකාශ කළේය.
“එක පැත්තකින් සන්ධානයේ ලේකම්ධුරය තහනම් කරලා තියෙනවා උසාවි නියෝගයකින්. අනිත් පැත්තෙන් සන්ධානයේම සමහර හවුල් කාර පක්ෂ විවේචනය කරන මාව. ඉතින් මට මේ දෙකම කරන්න බෑනේ,” තම පීඩනකාරී තත්වය ඔහු විස්තර කළේ එසේයි.


Related