එක්සත් ජනතා නිදහස් සන්ධානය විසුරවයි?

ඉදිරි දින කිහිපය ඇතුලත එක්සත් ජනතා නිදහස් සන්ධානය විසුරුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා පවසයි. ඒ සඳහා මේ වන විටත් ශ‍්‍ර...

ඉදිරි දින කිහිපය ඇතුලත එක්සත් ජනතා නිදහස් සන්ධානය විසුරුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා පවසයි. ඒ සඳහා මේ වන විටත් ශ‍්‍රීලනිපයේ සාකච්චා කෙරෙමින් ඇතැයිද ඔහු සඳහන් කරයි. එලෙස සන්ධානය විසුරුවා හැර වෙනත් දේශපාලන වැඩපිළිවෙලකට යාමට සාකච්චා වෙමින් තිබෙන බව දැනගන්නට ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය. 

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අප හා අදහස් පල කල නීතිවේදියෙක් සඳහන් කලේ පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා මහජන නියොජිතයින් සිටිනා තෙක් සන්ධානය විසුරුවා හැරිය නොහැකි බවයි. එම මහජන නියෝජිතයින් වෙනුවෙන් මැතිවණ කොමසාරිස්වරයාට වග කියන්නේ සන්ධාන මහ ලේකම්වරයා බවත් පැවසූ ඔහු අවශ්‍ය නම් සන්ධානයෙන් ඉවත් වීමට කිසියම් දේශපාලන පක්‍ෂයකට හැකියාව ඇතැයිද කියා සිටියේය.

2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධාන ගිවිසුමක් අත්සන් කැරිණි. ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ හා ජාතික කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව එම ගිවිසුමට අත්සන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් ටිල්වින් සිල්වාද, ශ්‍රීලනිපය වෙනුවෙන් හිටපු ලේකම් මෛත්‍රීපාල සිරිසේන ද ගිවිසුමට අත්සන් තැබූහ.

ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජය පක්ෂය ද ඇතුළු පක්ෂ 14ක් පමණ පසුව ඊට එක් වූහ. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකගේ හවුල් රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වූ ජවිපය 2005 දී සන්ධානයෙන් ඉවත් විය. චන්ද්‍රිකා දේශපාලනයෙන් සමු ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ සන්ධාන නායකයා විය. ඔහු සන්ධානයෙන් ජනාධිපතිවරණ දෙකක් හා මහ මැතිවරණයක් ජය ගත්තේය.

2015 ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය විය. ඉන් පසු අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයට සන්ධානය තරග කළ අතර එම ඡන්දයෙන් ද සන්ධානය පරාජය විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5526776440545557941

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item