මිනිස්සු ජවිපෙට ඡන්දය නොදුන්නේ අකමැති නිසා නොවෙයි. දැන් මිනිස්සු දුක් වෙනවා. - විජිත හේරත්

පසුගිය මැතිවණයේදී ජනතාව තම පක්‍ෂයට ඡුන්දය නොදුන්නේ අකමැතිනිසා නොවන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසයි. ‘පැවති මැතිවණයේදී...

පසුගිය මැතිවණයේදී ජනතාව තම පක්‍ෂයට ඡුන්දය නොදුන්නේ අකමැතිනිසා නොවන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසයි.

‘පැවති මැතිවණයේදී ජනතාව මහින්ද රාජපක්ෂ පරාජය කරන්න ඡුන්දය දුන්නා. ජනතාව සැක කලා මහින්ද රාජපක්ෂ මහතා අන්තිම මොහොතේදී හෝ නැවත බලයට එයි කියලා. එනිසා ජනතාව මහින්ද රාජපක්ෂට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නා. එ.ජා.පය බලයට එයි කියලා මහින්ද පාර්ශ්වයත් කලබල වුණා. ඔවුන් සන්ධානය ඡන්දය දුන්නා. එනිසා ඡන්ද ප‍්‍රධාන පක්ෂ දෙක වුණු සන්ධානයට සහ එ.ජා.පයට බෙදිලා ගියා.

ජ.වි.පෙට ඡන්දය නොදුන්නේ අපට තියෙන අකැමැත්තක් හින්දා නොවෙයි. ජනතාවගේ ඡන්ද අපිට නොලැබුණේ ඔවුන්ගේ ඡන්දය දෙපැත්තට බෙදුනු හින්දායි. ඒත් දැන් ඔවුන් ජ.වි.පෙ ට ලැබුණු මන්ත‍්‍රී ආසන ගණන ගැන කළකිරිලා. ඔවුන් ඒ ගැන දැන් දුක් වෙනවා." යයි ඔහු වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4009044922587931474

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item