ඇමරිකාවේ සහය දීම දේශහිිතෛෂීන්ගේ සැක ඇති කරලා
යුද අපරාධ ගැන නැගෙන චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් සිදුකිරීමට ඇමෙරිකාව සහය පළ කිරීම පිළිබඳව අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමු කිහිපයකදී අ...
https://www.sathhanda.com/2015/08/wasantha-bandara.html
දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පවසන්නේ ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අරමුණ වෙනස් වී නොමැති බවයි. දේශීය විමර්ශනයක් හරහා ඒ සඳහා තොරතුරු ලබා ගැනීමට ඇමෙරිකාව සූදානම් වන බවයි එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
කෙසේ වෙතත්, නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රි ලංකාවට ඇති හැකියාව ඇමෙරිකාව පිළිගැනීම සුබවාදී කරුණක් බවයි.
මේ අතර, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ද කොළඹදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහි සාමාජික නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න දේශීය පරීක්ෂණයක් මුවාවෙන් ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් බව කියා සිටියා.
කෙසේ වෙතත්, දේශීය යාන්ත්‍රණයකට සහය දැක්වීමට ඇමෙරිකාව එකඟ වීම රටක් ලෙස ඉදිරියට යාමට විශාල ශක්තියක් බව හිටපු මානව හිමිකම් අමාත්‍යවරයෙකු වූ මහින්ද සමරසිංහ අද පැවති නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.


Related