මෛත්‍රි ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්, කරන්නේ නීති විරෝධී වැඩක්
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය හවුල් වීම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසීමක් හා සමාන බව ප්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙ...

https://www.sathhanda.com/2015/08/wasudewa-nanayakkara.html
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය හවුල් වීම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසීමක් හා සමාන බව ප්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ පවසයි.එහි නායක වාසුදේව නානායක්කාර කියා සිටියේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 50ක් පමණ ජාතික ආණ්ඩුවට විරුද්ධත්වය පල කර ඇති අතරම ඔවුන් ඒ බව කෙළින් ප්‍රකාශ කිරීමට බියක් දක්වන්නේ ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති හැකියාව නිසා බවයි.
අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයා පක්ෂ මන්ත්‍රිවරුන් යටත් කරගෙන ඇති අතරම ඔහුට විරුද්ධව යන්න ඒ අයට කිසිදු ආකාරයේ හැකියාවක් නොමැති බවද ඔහු සදහන් කලා.
රටේ ජනතාව අප හට වරමක් ලබාදී ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට මිස එජාපයට එක් වීමට නොවන බවත් ඒ සදහා විරුද්ධ වන්නන් හට විනය පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයට සහ ජාත්‍යන්තරයට පවා පැමිණිලි කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු සදහන් කලා.බලහත්කාරයෙන් ජාතික ආණ්ඩුවට එක් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය එල්ල කරන මරු පහරක් බවයි ඔහු සදහන් කලේ.
Related