"ජාතික ආණ්ඩුවකට ජනවරමක් නැ" අනුර කුමාර කියයි - ජවිපෙට පරාජිතයන් පාර්ලිමේන්තු යවන්න ජනවරමක් තිබුනද? ජනතාව අසයි
එක්සත් ජනතා නිදහස් සන්‍ධානය ජාතික ආණ්ඩුවකට පිවිස ඇත්තේ ජනවරමක් නොමැතිව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා . ජනතා...

https://www.sathhanda.com/2015/09/anura-kumara-dissanayake_4.html
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පැවසුවා
"එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනවරමක් දීලා නෑ ජාතික ආණ්ඩුවක් හදන්න. අඩුම තරමේ එක්සත් ජාතික පක්ෂය නම් මැතිවරණ වේදිකාවේ කිව්ව බලයට ආවට පස්සේ ඒගොල්ලො සම්මුති වාදී ආණ්ඩුවක් හදනවා කියලා. හැබැයි එක්සත් නිදහස් සන්ධානය මොකක්ද කිව්වේ කිසිසේත්ම අපි එක්ව ආණ්ඩුවක් හදන්නේ නෑ. අපි වෙනම ආණ්ඩුවක් හදනවා. අපිට වෙනම ආණ්ඩුවක් හදන්න ජන වරමක් දෙන්න කියලා.
එතකොට ජනතාව ඡන්දෙ දුන්නේ මොකක් වෙනුවෙන්ද? ජනතාවට මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කිව්ව නම් කිව යුතුව තිබුණා. මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්වී අපි ආණ්ඩුවක් හදනවා කියලා. එහෙම නම් ප්‍රතිඵලය මෙහෙමද වෙන්නේ." යයි වැඩි දුරටත් පැවසීය.
එහෙත් මහ මැතිවරණයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරපු දෙදෙනෙක් තම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රින්ගවද්දීන් අනුර කුමාරට ජන වරම මතක් වුනේ නැද්ද යන්න ජනතාවට ඇති ගැටලුවයි. ජනතාව පරාජිතයන් පාර්ලිමේන්තුවට ගෙන්න ජනවරමකුත් ලබා දී නොමැත.

Related