නාය යාම අස්සේ තොණ්ඩා සහ දිගම්බරන්ගේ ජනතා සේවය ගුටිකෙලියකින් නිම වෙයි [PHOTOS]
https://www.sathhanda.com/2015/09/arumugam-thondaman-palani-digambaran-at-kotmale.html
කොත්මලේ පොලිස් වසමට අයත් වෙදමුල්ල ලිලික්ලෑන්ඩ් වතුයායේ නායගිය ස්ථානය අද (26) පස්වරුවේ නිරීෂණය කිරීමට අමාත්‍ය පලනි දිගම්බරම් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආරුමුගන් තොන්ඩමාන් ගොස් තිබෙනවා. මේ දෙදෙනා දෙවතාවකදී පැමිණ ඇති අතර පටු පාරේ එකිනෙකාගේ වාහන මුහුණට මුහුණ හමුවී ඇති අතර ගොබ්බයන් දෙදෙනාගේම ජන්මයෙන්ම ඇති තුප්ප්පැහි මහන්තත්ව කම නිසා දෙදෙනාගෙන් එකෙක්වත් මාර්ගය ඉඩ දී නොමැත. පැයක් පුරා මග හරස් කරමින් මොවුන් සිදු කල මේ අමන ක්‍රියාව නිසා එම මාර්ගයේ ගමන් ගත් සියලු දෙනා දැඩි අපහසු තාවයට පත්විය.
පසුව මුන්ගේම බත් බැලයන් විසින් එය ගැටුමකට පත්කරන තුරු ශ්‍රී ලංකා පොලිසියද තම නකුට පසු පස ගසා දේශපාලුවන් ඉදිරියේ සුපුරුදු බැගෑපත් වෙමින් සිටිනු දක්නට ලැබුණි. ගුටිකෙලියෙන් මොහොතකට පසුව තොන්ඩමන්ගේ වාහනය පසුපසට ගැනීමෙන් සිදුවීම අවසන් විය.


Related