යහපාලනය නඩය ජිනීවා යෝජනා දෝතින් ගනිද්දීන් ප්‍රබල රටවල් 4ක් ජිනීවා යෝජනා එපා කියයි
ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා පරීක්‍ෂණ වාර්තාව පිළිබඳ විවාදය ලබන බදාදා (30 දා) ආරම්භ වේ. මෙම විවාදයේ දී එකී පරීක්‍ෂණ වාර්තාව පිළිගන්නේද නැද්...
https://www.sathhanda.com/2015/09/top-countries-supports-sri-lanka-geneva.html
ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා පරීක්‍ෂණ වාර්තාව පිළිබඳ විවාදය ලබන බදාදා (30 දා) ආරම්භ වේ. මෙම විවාදයේ දී එකී පරීක්‍ෂණ වාර්තාව පිළිගන්නේද නැද්ද යන්න ගැන ඡන්ද විමසීමක් පැවැත්වේ. මෙකී වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට එරෙහිව කර ඇති නිර්දේශ ගැන රුසියාව, චීනය, කියුබාව හා පාකිස්‌තානය දැඩි විරෝධතාවයක් දක්‌වා ඇත.
ශ්‍රී ලංකාවට එල්ලකර ඇති ඇතැම් චෝදනා ගැන කිසිසේත් එකඟ විය නොහැකි යයි එකී රටවල් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කර තිබේ.
රටවල් 47 ක් මෙම ඡන්ද විමසීමට සහභාගි වේ. විශේෂයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්‌ත පරීක්‍ෂණයකට එම රටවල් තරයේ විරුද්ධ වී ඇත.
මේ අතර විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 27 ක් එවන් පරීක්‍ෂණයක් සඳහා ක්‍රියා කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ඉල්ලා ඇත.
දිවයින


Related