දෙයියෝ සාක්කි ! යහපාලනය
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට රටේ ජනතාව ජනාධිපති වීමට ජන වරමක් ලබා දුන්නේ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමටයි.නමුත් ඔහු අද ඒ සියල්ල පසෙකින් තබා ත...

https://www.sathhanda.com/2015/09/blog-post_4.html
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට රටේ ජනතාව ජනාධිපති වීමට ජන වරමක් ලබා දුන්නේ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමටයි.නමුත් ඔහු අද ඒ සියල්ල පසෙකින් තබා තම බලතල අනිසි ලෙස භාවිතා කරමින් ජනතා විශ්වාසය කඩ කරන්නේ රටේ ජනතාවගේ මහමෙරක් තරම් බලාපොරොත්තු මහ පොළවට සමතලා කරමිනි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටින බවට ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සහ කරන ජනාධිපතිවරයා අද වන විට ඔහුගේ රෙදි ජනතාව ඉදිරිපිටම ගලවා අවසන්.
රටේ ජනතාව තමන්ගේ ඡන්දය භාවිතා කරනු ලබන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට සුදුස්සන් තෝරා පත් කර ගැනීම සදහායි.නමුත් තත්වය එසේ තිබීයදී පරාජිතයන්ට ජාතික ලැයිස්තුව හරහා ඉඩකඩ ලබා දුන් මෛත්‍රි අද තව තවත් ඔහු ඒකාධිපති රෙජිමයටත් වඩා ඒකාධිපතියෙකු බව උත්සහ කලා.ඒ පසුගිය රජය පූරාවටම කිචවූ එස් .බි දිසානායකට වත්මන් රජයේ අමාත්‍යධූරයක් පිරිනැමීමෙන්.
ජනපතිගේ මේ සෙප්පඩ විජ්ජාව හේතුවෙන් තවදුරටත් මෛත්‍රි ,මෛත්‍රිපාලනයක් ඔස්සේ ස්ථාවර රටක් ගොඩනගා ගනිවී යැයි අපට නම් විශ්වාස කල නොහැක.එක් වරක් ,දෙවරක් නොව මෛත්‍රි දිනෙන් දිනම තමන්ගේ බලතල අනිසි ලෙස භාවිතා කරමින් පරාජිතයන්ට ජාතික ලැයිස්තුවෙන් ඉඩකඩ ලබා දුන්නා පමණක් නොව ඇමතිකම්ද ලබාදී අවසන්.
විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔළු පලන බවට ප්‍රකාශ කල ,චන්ද්‍රිකාව හෙළුවෙන් පාරේ දුවවන බවට ප්‍රකාශ කල ,කාළකනිණියා ,මූසලයා යැයි රටේ සමාන්‍ය ජනතාව ප්‍රසිද්ධියේම ආමන්ත්‍රණය කරන එස් .බි වැනි තක්කඩියෙකුට අමාත්‍යධූරයක් පිරිනැමීමට තරම් ජනපතිට ඇති හේතුව කුමක්ද යැයි දැන ගැනීමට අප තුළද ඇත්තේ බලවත් කුතුහලයකී.
එපමණක් නොව එස් .බි වැනි පරාජිතයෙකුට අමාත්‍යධූරයක් ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයක් ලබා දීම සම්බන්ධයෙන් ලංකා නිව්ස් ඇලැර්ට් අප ඇමතු පාඨකයන් රැසක් ජනපතිට තිත්ත කුණුහරුපයෙන් බැණ වැදී බවද සටහන් කිරීමට කැමැත්තෙමු.
lankanewsalert
Related