මෙමත්‍රීට-රනිල්ට මාස හතරේ අමතර වියදම - නියමිත මුදලට වඩා 759% ක් ලබාගෙන

https://www.sathhanda.com/2015/09/ranil-maithri.html

මෙම වසරේ ජනවාරි පළමුවැනි දින සිට අප්‍රේල් මස 30වැනි දා දක්වා සිව් මසක කාලය සඳහා අය-වැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල්වලට අමතරව පරිපූරක ඇස්තමේන්තු මලගින් ජනාධිපතිවරයාගේ වියදම් සඳහා රුපියල් දෙකෝටි තිස්හය ලක්ෂ අසූනවදහස් නවසියක් (රු. 23,689,900) ලබාගෙන තිබෙන අතර එම කාලය සඳහා අගමැතිවරයා රුපියල් කෝටි දහඅටක් (රු. කෝ. 18) ලබාගෙන ඇත.
සිව් මසකට ජනාධිපතිවරයා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් එක්කෝටි හැට හතර ලක්ෂ විසිතුන්දහසක (රු. 16,423,000) මුදලක් වෙන් කර ගන්නා විට අගමැතිවරයා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් කෝටි පහක් (රු.කෝ. 5) වෙන් කරගෙන තිබේ.
පුනරාවර්තන වියදම් වශයෙන් ජනාධිපතිවරයා රුපියල් හැත්තෑ දෙලක්ෂ හැටහයදහස් නවසියයක (රු. 7,266,900) මුදලක් වෙන් කර ගන්නා විට අගමැතිවරයා රුපියල් කෝටි 13ක් මේ සඳහා වෙන් කරගෙන ඇත.
එම සිව් මස තුළ ජනාධිපතිවරයා අමතර මුදල් වෙන් කර ගැනීම මෙන් 759%ක වැඩි ප්‍රමාණයක් අගමැතිවරයාගේ වියදම් සඳහා ලබාගෙන ඇත.
අගමැතිවරයා අමතර රුපියල් කෝටි 18ක මුදල වෙන් කරගෙන තිබෙන්නේ ජලය හා විදුලිය බිල්පත් ගෙවීමට, නඩත්තු සේවා කටයුතු සඳහා ගොඩනැගිලි ඉදිකිරීම්, යන්ත්‍ර හා උපකරණ පුනරුත්ථාපනය,ගෘහභාණ්ඩ හා කාර්යාලයීය උපකරණ මිලදී ගැනීම සහ දූෂණ මර්ධන කමිටුවේ කටයුතු වෙනුවෙන් බව සඳහන් ය.
Related