චන්ද්‍රිකාට බෝම්බ ගැසූ වැරැදිකරුවන්ට වසර 300 හා 290 සිරදඬුවම්

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට කොළඹ නගර සභා පිටියේදි 1999/12/08දා මරාගෙන මැරනෙ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇයව ඝාතනය කිරීමට උත...

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට කොළඹ නගර සභා පිටියේදි 1999/12/08දා මරාගෙන මැරනෙ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇයව ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිදුවීමේ වැරදිකරුවන් වූ හිටපු කොටි සාමාජිකයන්ට වසර 300ක හා 290ක සිර දඬුවම් නියම කර ඒවා වසර 30කින් ගෙවීයන ලෙස පැනවීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය අද (30දා) නියෝග කළේය.

මරාගෙන මැරෙන බෝම්බකාරියක යොදාගෙන හිටපු ජනපතිනිය ඝාතනය කිරීමට උත්සාහ කිරීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.

චන්ද්‍රා අයියර් රඝුපති යන වැරැදිකරුට වසර 300ක සිර දඩුවමක් හා වර්දරාජා උදයන්යන වැරැදිකරුට වසර 290 ක සිරදඬුවම් නියමවිය.

එසේම චන්ද්‍රා අයියර් රඝුපතිගේ බිරිද වූ වසන්ති අයියර් රඝුපති නිදොස් කොට නිදහස් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3733389678181272419

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item