යමපාලන ආර්ථික ඔස්තාර්ලාගේ ගුවන් තොටක් වී ගබඩාවක් කල මඤ්ඤං කෙලිය
රජයේ අතිරික්ත වී තොග ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපලේ දැනට භාවිතයට නොගන්නා ගබඩා කිහිපයක් තාවකාලිකව යොදා ගැනීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව ...

https://www.sathhanda.com/2015/09/economic-boost-under-yahapalanaya-mattala-international-airpor.html
රජයේ අතිරික්ත වී තොග ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපලේ දැනට භාවිතයට නොගන්නා ගබඩා කිහිපයක් තාවකාලිකව යොදා ගැනීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 02 දා සිට ගුවන්තොටුපල පරිශ්‍රයේ වී ගබඩා කිරීම ආරම්භ කලේ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය නොතකාය.
අදාල ක්‍රියාවලියත් සමග ගුවන්තොටුපලේ Cargo පර්යන්තයේ සවිකර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා වායුසමීකරණ යන්ත්‍ර සහ ගුවන් භාණ්ඩ පරික්ශාවට යොදා ගන්නා X කිරණ යන්ත්‍ර ගලවා දමා ඇති ආකාරය දැකිය හැක.
එයේම ලියුම්කරු කල සොයා බැලීමකදී අනාවරණ වූයේ මත්තල ගුවන්තොටුපලේ නිල වෙබ් අඩවියද මේ වන විට අක්‍රිය තත්වයේ පවතින බවයි. එහි වෙබ් ලිපිනය වන www.mria.lk ඇතුලත් කල විට දිස් වන්නේ පහත දැක්වෙන පණිවුඩයයි.
අමරිකානු ඩොලර් මිලියන් 210 ක වියදමින් (චීන ණය) ඉදිකල ගුවන්තොටුපොල ආරම්භයේ සිටම ගැටළුකාරී තත්වයකට මුහුණ පෑවේය. බලාපොරොත්තු වූ තරම් ගුවන් යානා සහ ගුවන් මගීන් මත්තල ගුවන්තොටුපොල භාවිතා නොකිරීම නිසා එය මේ වන විට ආර්ථිකයට බරක් බව පවසයි.
කෙසේ වෙතත් දැන් කල යුත්තේ ආර්ථික වශයෙන් රටට විනිමය උපයන තැනක් බවට පත් කිරීමයි. එසේ නොමැතිව මහජන මුදල් කාබාසිනියා කරමින් මෙවැනි විකාර තීරණ ගැනීම නොවේ. ගුවන්තොටුපල ලාභ ලබන තැනක් බවට පත් කිරීම යහපාලන රජයේ ආර්ථික ඔස්තාද්ලාගේ වගකීමයි. ඔවුන් තම වගකීම නිසි ලෙස ඉටු කරන්නේද යන්න ගැන අපි බලා සිටිමු.
lankanewsweb ඇසුරන්,
Related