බුද්ධි අංශ 3ක් විසුරුවා හැරේ

රජයේ ප්‍රධාන ආරක්ෂක අංශ 3කට සම්බන්ධ බුද්ධි අංශ විසුරුවා හැරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව මේ තීරණයට එළැඹ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය ගැන අගමැතිවරයා රජයේ ඉහළ නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවා තිබූ අතර එම වාර්තාව අගමැතිවරයා වෙත ලැබී තිබෙනවා.

එම වාර්තාව පදනම් කරගනිමින් අගමැතිවරයා හා ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන්.

බුද්ධි අංශය පසුගිය වසර 9ක කාලයක් පුරාම ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් මෙම වාර්තාවට ඇතුළත්ව තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4760739532082849053

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item