වී ගොවියාගේ ඉරණම - බලධරයිනි තොපි මේ සෙල්ලම් කරන්නේ අහිංසක මිනිසුන්ගේ ජීවිත සමගයි
ගල්කිරියාගම පුබ්බෝගම වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට වී අලවි කිරීමට පැමිණි ගොවීන් සියයකට ආසන්න ගණනනක් තම වී තොග වී අලවි මණ්ඩලයට ලබාදීමට නොහැකි...

https://www.sathhanda.com/2015/09/government-sri-lanka-paddy-purchasing.html
ගල්කිරියාගම පුබ්බෝගම වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට වී අලවි කිරීමට පැමිණි ගොවීන් සියයකට ආසන්න ගණනනක් තම වී තොග වී අලවි මණ්ඩලයට ලබාදීමට නොහැකිවීම නිසා රැගන ආ වී තොග වාහනවලම පෝලිමේ තබාගෙන රැය පහන් කරන ආකාරය ඉකුත් 15 වැනිදා දින රාත්‍රී මෙලෙස දැක ගැනීමට හැකි වුණා.
වී අලවි මණ්ඩලයේ නිලධාරීන්ගේ දැනුවත් කිරීම මත ගොවින් සිය වී තොග රැගෙනවිත් තිබුණු අතර එහෙත් මිලදී ගන්නේ සීමිත ප්‍රමාණයක් බව දන්වා මිලදී ගැනීමේ නිලධාරීන් ගබඩාව වසා දමා පිටව ගොස් තිබු බව වාර්තා වෙනවා.
එහෙත් වී මිලදී ගැනීම ගැන හතර බීරි කතා කියනමින් සිටින රජය කිසිම ආකාරයෙන් වගකීමකින් මේ සම්බන්ධයෙන් කටයුතු කරනු නොපෙනේ. අහිංසක ගොවියාගේ ජන්දය ලබා ගැනීම සඳහා කිසම වගකීමක් නැතුව රුපියල් 50කට කිලෝවක් මිලදී ගැනීම ගැන සදහන් කලත් වාර්තා මානයේ 50ට තියා 30ටවත් වී විකුණා ගැනීමට නොහැකිව තැන තැන තම වී ගෙනයමින් රැය පහන් කරන අහිංසක මිනිසුන් දැක ගත හැකිය.
එමෙන්ම පසුගිය වසරේ රජය ලබාගත් වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් (250,000) වුවත් මෙවර මුදල් වෙන් කර තිබෙනුයේ මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දහාටදාහක් (118,000) වෙනුවෙන් පමණි. එය හරි පසුගිය වසරෙන් හරි අඩකටත් අඩුය. එමෙන්ම එක ගොවියකුගෙන් උපරීම කිලෝ 2000 කට යටත්වය.
මේ අතර රජයේ මැදහත්වීමෙන් වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක්(120,000) මෙරටට ආනයනය කරයි.
මේ අතර රජයේ මැදහත්වීමෙන් වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක්(120,000) මෙරටට ආනයනය කරයි.
Related