සේයාගේ තාත්තා දුන් කට උත්තරයෙන් හෙළිවන සත්‍ය පොලිසියට තවත් පහසුවක්

https://www.sathhanda.com/2015/09/kotadeniyawa-seya-sadeumini.html
කොටදෙණියාව පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ම කදුලෙන් තේමා පසුගියදා අවසන් ගමන් ගිය සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී එම පියා කළ ප්‍රකාශ සත්‍යයක් බව පොලිසියට තහවුරු කරගෙන තිබෙනවා.
දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස් තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන කුලුනු වාර්තා අනුව සත්‍ය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.
දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසියේ අදහසයි.
මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්වැසියකු පිළිබඳ ඊයේ (16) සවස්‌වන විට පොලිසියට බරපතළ සැකයක් මතුවී දැන් ඔහු පිළිබඳව පරීක්ෂණ කරනු ලබනවා.
දැරියට සිදුවී ඇති අපයෝජනය අනුව එය සිදුකළ තැනැත්තාට ද තුවාලයක් සිදුවී තිබිය යුතු බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.
Related