දකුණු අප්‍රිකානු ජනාධිපති පැය දෙකක ලංකාවට හොරෙන්ම ඇවිල්ලා

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊයේ රාත්‍රී 11ට පමණ පැමිණියා. ඒ, චීනයේ බීජිං බලා යන අතරතුර පැය ...



දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊයේ රාත්‍රී 11ට පමණ පැමිණියා. ඒ, චීනයේ බීජිං බලා යන අතරතුර පැය කිහිපයක් විවේක ගැනීම සඳහායි. පසුව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අද අලූයම 1ට දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් නැවත චීනයේ බීජිං බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔහුව හමුවීම සදහා රජයේ පාර්ශවයේ මංගල ඇතුළු කිහිපදෙනෙකු සහභාගී වී ඇති බවත් දැනගන්නට ලැබේ.

දකුණු අප්‍රිකානු උප ජනාධිපති රාම්පොසා පසුගිය සතියේ හොරෙන්ම පැමිණ ගුවන්තොටෙදින්ම දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු සමග සාකච්චා පවත්වා ජපානයට ගොස් තිබු අතර එහිදී යසුෂි අකාශි මුණ ගැසී ලංකාවේ සංහිදියා ක්‍රියාදාමය සම්බන්දයෙක් සාකච්චා පවත්වා තිබුණි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2525747433694360817

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item