දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය හෙට
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද විමසීම මේ මස 8 වැනි දින පස්වරු 2ට මහනුවර බෞද්ධ මන්දිරයේදී පැවැත්වීමට නියම...

https://www.sathhanda.com/2015/09/kandy-temple-of-the-tooth-diyawadana-nilame.html
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේගේ ධුර කාලය ඉකුත් මැයි මස 30 වැනි දිනෙන් අවසන් වීමත් සමඟ ඉදිරි වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේ පත්කර ගැනීම 8 වැනිදාට යෙදී තිබේ. පැරැණි උඩරට රාජධානියට අයත් ප්‍රදේශවල පිහිටි රජමහ විහාරස්ථානවල භාරකාර හිමිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු 320කට ආසන්න පිරිස ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා සිටිති.
මෙවර දියවඩන නිලමේ තෝරා ගැනීමේ ඡන්දය සඳහා නිලන්ත බණ්ඩාර, වැඩ බලන දිය වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න, නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද, හිටපු බස්නායක නිලමේ සුදන්ත සේනාරත්න යන මහත්වරුන් ඉදිරිපත් වන බවට තොරතුරු වාර්තා වේ.
Related