මගේ පුතාට කළ අසාධාරණයට වග කියන්නේ කවුද? - සේයා ඝාතනයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවාගේ මව අසයි

දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ ස...

දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිදු කළ අසාධාරණයට වග කියන්නේ කවරෙකු දැයි එම සිසුවාගේ මව වන කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි මහත්මිය විමසන්නීය. 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා ඉකුත් 16 වැනිදා නිවසේ නිදා සිටියදී අත්අඩංගුවට ගැනීමට නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ කටයුතු කර තිබිණි.

"මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ.. පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා.. පස්‌සේ ඔවුන් පුතාගෙන් නොයෙකුත් දේ විමසන අතරේ පුතාගේ කාමරය අවුස්‌සමින් ඊයම් කොළ හෙව්වා.. ඒ පුතා මත්කුඩු පානය කරන බව පවසමින්.. එත් ගෙදර තිබුණු ඊයම් කොළයක්‌ නැහැ.. පස්‌සේ ඔවුන් පුතාව අරගෙන යන්න ගියා..

මම එදිනම සවස කොටදෙණියාව පොලිසියට පුතා බලන්න ගියා.. ඒත් දරුවා බලන්නවත් පොලිසිය මට ඉඩ දුන්නේ නැහැ.. පොලිසියේ හිටපු උසස්‌ නිධාරියෙක්‌ ඉතාම කෝපයෙන් පහත් විදිහට මට බැණ වැදුණා..

මම පොලිසියෙන් අහන්නේ ඇයි අපිට එහෙම කළේ කියලා.. මගේ පුතා වරදක්‌ කළේ නැහැ.. ඒ බව මම නිවසට ආපු පොලිස්‌ නිලධාරින්ට පුන පුනා කිව්වා.. නමුත් ඔවුන් මට කන් දුන්නේ නැහැ.. මහා මිනි මරුවෙක්‌ අරන් යනවා වගේ මගේ දරුවා අරගෙන ගියා..

මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි.. මගේ දරුවා තවමත් අවුරුදු දහහතක පාසල් ශිෂ්‍යයෙක්‌.. කොහොමද මේ වගේ අවමානයක්‌ කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ.. දරුවා ලබන වසරේ අපොස උසස්‌ පෙළ වභාගයට පෙනී සිටිනවා.. මගේ දරුවා ඉගෙනීමට දක්‍ෂයි.. ඔහු පහ වසර ශිෂ්‍යත්වය පවා සමත් වුණු දරුවෙක්‌.. මගේ දරුවට අනාගතේ විවාහයක්‌වත් කර දෙන්න මට බැරි වන තත්ත්වයක්‌ නිර්මාණය වේවි.. ඒකට වග කියන්න පොලිසියට පුළුවන්ද



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7266275340932999364

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item